ස්මාරකයේ නම÷
ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරය
පිහිටීම÷
මහනුවර දිස්ත‍්‍රීක්කයේ උඩුනුවර දවුලගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගඩලාදෙණිය ග‍්‍රාමසේවා වසම
මාර්ගය÷
කොළඹ මහනුවර මාර්ගයේ පිළිමතලාව නගරයේ පිහිටුවා ඇති 65 වන සැතපුම් කණුව අසලින් ආරම්භවන දවුලගල මාර්ගයේ සැතපුම් 1/2ක් පමණ ගිය විට මෙම විහාරයට ළ`ගාවිය හැකිය.
ශ‍්‍රී ලංකාවෙහි දක්නට ඇති විශාලතම ගල් විහාරය ලෙස සැලකෙන මෙම අති විශිෂ්ට වූ නිර්මාණය ක‍්‍රි. ව. 1344දී ගම්පොල රාජධානියේ හතරවන බුවනෙකබාහු රජුගේ රාජානුග‍්‍රහයෙන් පළමුවන ධර්මකීර්ති උප සංඝරාජ මාහිමියන් විසින් කරවන ලද බව ගඩලාදෙණි ශීල වංශ ශිලා ලේඛනයේ සඳහන් වේ. මෙම විහාරය ගොඩන`ගා තිබෙන්නේ හින්දු ආගම බෞද්ධාගමට ඉතා කිට්ටු සම්බන්ධයක් පැවති අවධියක බව මෙම විහාර ගොඩනැගිලිවල හඩහුරුකමෙන් පෙනේ. දකුණු ඉන්දියානු විජය නගර රජුන් විසින් කරවන ලද හින්දු දේවාලයන්ට බොහෝ සෙයින් සමාන කළ හැකි මෙම විහාර ගොඩනැ`ගිල්ල දෙස බලන කාගේත් සිහියට නැෙ`ගන්නේ පෙෙළොන්නරුවේ පිහිටි ශිව දේවාලයයි. එම ශිව දේවාලයේ ගෘහ නිර්මාණ ශිල්පයත් මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පයත් එක හා සමාන බවක් දක්නට ලැබේ.
විශ්ව කර්ම නිර්මාණයක් බඳු, කැටයම් කළ කළු ගලින්ම නිම කරන ලද මෙම විහාරය එකකට එකක් පසු පසින් සිටින සේ ගොඩනැගූ කාමර දෙකකින් හා පිට මණ්ඩපයකින්ද සමන්විතය. පිට මණ්ඩපයට ඇතුළුවන විට මුලින්ම දක්නට ලැබෙන්නේ අර්ධ කවාකාර සඳකඩ පහනකි. අනතුරුව පියගැට සතරකින් යුක්ත මං පෙතක් දක්නට ලබේ. මෙහි දාරවල ඇතුලට වන්නට නාටක, වාදක, රූකම්වලින් යුත් දැකුම්කළු කැටයම් පෙළක් ඇත. අනතුරුව ඇත්තේ මෙම ගොඩනැ`ගිල්ලේ අතිවිශිෂ්ට නිර්මාණයක් වන උළුවස්ස වශයෙන් යොදාගෙන ඇති දැවැන්ත ගල් කුළුණු දෙකයි. ප‍්‍රධාන කුළුණටම සම්බන්ධ තවත් කුඩා කුළුණු දෙකක් යොදා ඇති බැවින් මේවාට ත‍්‍රිත්ව කුළුණු යැයි කියනු ලැබේ. මෙහි ප‍්‍රධාන කුළුණ සතරුස් ආකාරයට යොදා ඇති අතර සෙසු කුළුණුවල මුදුනත තියුණු දාර සහිත පේකඩ වලින් සමනුවිතය.පළකයක් මත ලැග සිටින සිංහයකුගේ කැටයමින් උක්ත කුළුණු ආරම්භ වේ.
පිට මණ්ඩපයට පසුව හමුවන කොටස අන්තරාලයයි. මෙහි එක් පසෙකින් හින්දු දේවාලයක් ගොඩන`ගා ඇත. මෙය ප‍්‍රධාන විහාර මන්දිරයේම බටහිරට වන්නට එළියට පන්නා ඉදිකර ඇත. මෙහිද අන්තරාලයක් හා ගර්භ ගෘහයක් ඇත. දේවාලය ඉදිරිපිට නැගෙනහිරට අභිමුඛව කුඩා පියගැට පෙළකින් ඇතුල්විය හැකි ගොඩනැ`ගිල්ලකි. මෙය දිග්්ගෙය යනුවෙන් හැඳින්වේ. විජයෝත්පාය නම් වූ චෛත්‍යය විහාරගෙය ඉදිරිපිට ගල්තලාවෙහිම අඩි 40 ක් පමණ උසට ගොඩ න`ගා ඇත. පස්වන පරාක‍්‍රමබාහු රජු විසින් කුළුණු හතරක් මත පියස්සක් යොදා චෛත්‍යයයේ ආරක්‍ෂාවට කළ ගෙය හේතුකොට ගෙන මෙය ඉතා හොඳින් ආරක්‍ෂා වී තිබෙන බව පැහැදිලි වේ. මෙම ගෘහය වටදාගෙයක් ලෙස සමහරෙකු හඳුන්වන අතර තවත් සමහරෙක් මෙය චේතියඝරයක් ලෙස හඳුන්වනු ලබයි. චෛත්‍යය ගොඩන`ගා තිබෙන්නේ සතර දිශාභිමුඛව ගලෙන්ම නිමකරන ලද කුඩා විහාර ගෙවල් හතරක් සහ මනාව අලංකාර කරන ලද සතර දිශාවට මුහුණලා සිටින ඇත් රූප අටක් සහිත අඩි දොළහක් පමණ උසට සාදන ලද අඩිතාලමක් මතය.
goooooooooood
ReplyDelete