Friday, November 28, 2014

ලංකාවෙන් සහ දකුණු ඉන්‍දියාවෙන් හමු වූ බෞද්ධ චක‍්‍ර කාසි

ලක්දිව බෞද්ධ චක‍්‍ර කාසිවල මෙන්ම දකුණු ඉන්‍දියාවෙන් හමුවී ඇති පාණ්ඩ්‍ය කාසිවලද විවිධ සංකේත හඳුනාගත හැකිය. ශ‍්‍රී ලංකාවෙන් හමුවී ඇති බෞද්ධ චක‍්‍ර කාසි නමින් හඳුන්වන ඇතැම් පැරණි පාණ්ඩ්‍ය කාසිවල ටෝරීන් සංකේතය දක්නට ලැබේ. එම සංකේතයත් සමග ඉබ්බෙකුගේ රූපයක් හඳුනාගත හැකිය. ඍජුකෝණාස‍්‍රාකාර රාමුවක් මත මෙම සංකේත ඇතුළත් වී තිබේ. ප‍්‍රතිමුඛයෙහි කිසිදු සංකේතයක් නොමැත. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් .41×.31කි. බර ග්රේම්ස් 12.9කි.
ඉහත කාසියෙහි මෙන්, ටෝරීන් සංකේතය සහිත පැරණි පාණ්ඩ්‍ය කාසි දකුණු ඉන්‍දියාවෙන් හමු වී ඇත. ලංකාවෙහි බෞද්ධ චක‍්‍ර කාසියෙහි ටෝරීන් සංකේතය හා ඉදිබුවකුගේ රූපය පමණක් දැකගත හැකි වුවද දකුණු ඉන්‍දීය පැරණි පාණ්ඩ්‍ය කාසිවල මෙම ටෝරීන් සංකේතයත් සමග සූර්යයා, සදරචක‍්‍ර, ඊතල හිස, තිත, හතරැුස් ටැංකිය, ස්තූපය, ගස, මාළුවන් වැනි සංකේත හඳුනාගත හැකිය. පේරු වාලූතී පාණ්ඩ්‍ය කාසිවල ඉදිබුවෝ දෙදෙනෙක්ද හඳුනාගත හැකිය. නමුත් ලක්දිවෙන් හමු වූ කාසියේ ඇත්තේ එක් ඉබ්බෙකි. ලංකාවෙන් මෙන්ම ඉන්‍දියාවෙන් හමු වූ කාසිද ඍජුකෝණාස‍්‍ර වේ. ඉහත දැක්වූ කාසියෙහි ප‍්‍රතිමුඛයෙහි කිසිවක් දක්නට නැතත් දකුණු ඉන්‍දීය කාසිවල ප‍්‍රතිමුඛයෙහි මාළුවාගේ සංකේතය දක්නට ලැබේ. එසේම එම කාසි තඹ, රිදී වැනි ලෝහ වලින් නිපදවා ඇත. එසේම මෙම කාසිවල බර ප‍්‍රමාණයන් සංසන්දනය කිරීමේදී විවිධ බර ප‍්‍රමාණයෙන් යුත් කාසි හඳුනාගත හැකිය.
ශ‍්‍රී ලංකාවෙන් හමු වූ තවත් බෞද්ධ චක‍්‍ර කාසියක ඍජුකෝණාස‍්‍ර රාමුවෙහි පහලම කොටසේ දකුණට හැරී සිටින කුඩා ඇතෙක් වේ. එම ඇතාගේ සොෙ`ඩහි ආභරණයක්ද වේ.  එසේම කොඩියක් හා කොඩි ගසක්ද දක්නට ලැබේ. දෙකට බෙදී ගිය රවුමක් ඉහලින් දැක්වේ. මෙම විශාල රවුමට ඉහළින් හා පහළින් කුඩා වෘත්ත දෙකක් හඳුනාගත හැකිය. මෙම සංකේතය වෙස්ටාවල දාගැබට සමානය. පිටුපස දක්නට ඇත්තේ චක‍්‍රයකි. මෙම කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් 1.02×.98කි. බර ග්රේම්ස් 205.2කි.
ඉහත කාසියෙහි මෙන්, රාමුවෙහි පහල කොටසේ දකුණුපසට මුහුණලා සිටින ඇත් රූප සහිත බොහෝ පැරණි පාණ්ඩ්‍ය කාසි දකුණු ඉන්‍දියාවෙන් හමු වී ඇත. එම ඇත් රූප අතර විශාල ඇත් රූප මෙන්ම කුඩා ඇත් රූපද වේ. නමුත් දකුණු ඉන්‍දියානු කාසිවල ලක්දිවෙන් හමු වූ කාසිවල මෙන් ඇත් සොෙ`ඩහි ආභරණයක් දැකගත නොහැකිය. ඇතැම් කාසිවල අලියාගේ ගෙලෙහි සැරසිලලක් දැකගත හැකිය. සමහර කාසිවල මිනිසෙක් හෝ දෙදෙනෙක් ඇතා පිට වාඩි වී සිටින අයුරු දැකිය හැකිය. ඉහත කාසියෙහි මෙන් ඇතැම් කාසියක කොඩියක් සහිත කොඩි ගසක් වේ. නමුත් මෙම කොඩිය ලෙලදෙන ස්වභාවයක් ගනී. ඉහත කාසියෙහි පිටුපස දක්නට ඇත්තේ චක‍්‍රයකි. මෙම දකුණු ඉන්‍දීය පාණ්ඩ්‍ය කාසිවල ප‍්‍රතිමුඛයෙහි බොහෝ දුරට මාළුවාගේ සංකේතය දැකගත හැකිය. කාසිවල හැඩය හතරැුස් ස්වභාවයක් ගන්නා අතර බර ප‍්‍රමාණයන් කාසියෙන් කාසියට වෙනස් වෙයි.
ශ‍්‍රී ලංකාවෙන් හමු වූ තවත් බෞද්ධ චක‍්‍ර කාසියක් වේ. ඍජුකෝණාස‍්‍ර රාමුවකින් යුක්ත මෙය ද්විත්ව රේඛා සහිතය.
ඍජුකෝණාස‍්‍ර රාමුවකින් යුක්ත ද්විත්ව රේඛා සහිත තවත් බෞද්ධ චක‍්‍ර කාසියක් ලංකාවෙන් හමු වී ඇත. එහි ඇතකුගේ රූපයක් දක්නට ලැබේ. එසේම දකුණේ කොඩි ගසක් හා කොඩියක් වේ. ඉහලින් වෙස්ටා දාගැබකි. දකුණු පැත්තේ කූඩයක් ඇත. කාසියේ පිටුපස අනෙක් කාසිවල මෙන් රාමුවකි. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් 1.08×.98කි. බර ග්රේම්ස් 131.7ක් වේ.
දකුණු ඉන්‍දියාවෙන් හමු වූ පාණ්ඩ්‍ය කාසිවල ඉහත කාසියෙහි මෙන් ඇතෙකුගේ රූපයක් හඳුනාගත හැකිය. නමුත් මෙම කාසියෙහි වෙස්ටා දාගැබක් දක්නට නොමැත. මානව රූපයක් දැකගත හැකි අතර එයට පිටුපසින් කුඩයක් ඇත. ඉහත කාසියෙහි පිටුපස රාමුවක් දැකගත හැකි වුවද මාළුවාගේ සංකේතය හැම කාසියකම වාගේ දැකගත හැකිය.

මෙබඳු වර්ගයේ තවත් කාසියක් ශ‍්‍රී ලංකාවෙන් හමු වී ඇත. එහි හස්තියා අවසානයේම සිටී. චෛත්‍යය දෙකක් මැඳින් වෙස්ටා විහාරයකි. පසුපස චක‍්‍රම් රාමුව රේඛා දෙකකින් යුක්තය. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් .70×.84කි. බර ග්රේම්ස් 99.3ක් වේ. මෙම කාසිය කැඞී ගෙවී ගොස්ය.
අනෙක් කාසියේද පෙර කාසියේ මෙන් අවසානයෙහි ඇතෙකි. ඊට ඉදිරියෙන් වෙස්ටා පංසලකි. චෛත්‍යය මත අතු තුනකින් යුක්ත වූ ගසකි. කාසියෙහි පිටුපස චක‍්‍රයකි.
ඉහත කාසි දෙකෙහි දැක්වෙන යම් යම් ලක්‍ෂණ දකුණු ඉන්‍දියාවෙන් හමු වූ පංසල් ලකුණ සහිත පාණ්ඩ්‍ය කාසි වලින් හඳුනාගත හැකිය. එහි ඇති එක් කාසියක ඉහල කොටසේ පංසලක් වේ. වම්පස පහලින් කොඩි ගසකි. ඇතාගේ සංකේතය දක්නට ඇත්තේ මධ්‍යයෙහිය. නමුත් ඉහත කාසි දෙකෙහි ඇත් රූපය ඇත්තේ අවසානයෙහිය. චෛත්‍ය මත අතු තුනකින් යුත් ගසක් පෙර කාසියෙහි දක්නට ඇතත් මෙම කාසියෙහි ගස දක්නට ඇත්තේ ඇත් රූපයට පසුවය. කාසියෙහි ප‍්‍රතිමුඛයෙහි අනෙක් කාසිවල මෙන් මාළුවාගේ සංකේතය වේ. ලංකාවෙන් හමු වූ බෞද්ධ චක‍්‍ර කාසිවල පිටුපස දැකිය හැකි  චක‍්‍රය ඉන්‍දියාවෙන් හමු වූ ඇතැම් කාසිවල අභිමුඛයෙහි දක්නට ඇත. තඹ වලින් සකසා ඇති මෙම කාසියෙහි ප‍්‍රමාණය සෙන්ටි මීටර් 1.8×1.7කි. බර ග්රේම්ස් 6.89ක් වේ.
ශ‍්‍රී ලංකාවෙන් හමු වූ අනෙක් කාසිය ඍජුකෝණාස‍්‍ර රාමුවකින් යුක්ත වේ. එම රාමුවේ පහළින් කුඩා ඇතෙකි. ඇතාගේ හො`ඩවැලෙහි ආභරණයක් දැකගත හැකිය. වෘක්‍ෂයක් ද දක්නට ඇත මධ්‍යයෙහි ඉහළින්ම කූඩයක් වේ. 1 සහ ගස අතර හා චෙත්‍යයේ සිට ර දක්වා කෑම වර්ගයක් ඇත. පිටුපස ද්විත්ව රේඛා සහිත චක‍්‍රයකි. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් .88×.78කි. බර ග්රේම්ස් 138.2ක් වේ.
ද්විත්ව රාමුව සහිත ඍජුකෝණාස‍්‍රයකින් යුත් කාසියක්ද හඳුනාගත හැකිය. ප‍්‍රතිමුඛයෙහි රාමු රේඛාවේ චක‍්‍රයක් ඇත. කාසියෙහි ප‍්‍රමාණය .47×.45කි. බර ග්රේම්ස් 26.9ක් වේ.
අනෙක් කාසියෙහි ඉහළ කොටසේ මැද රේඛා රාමුව තුළ වෙස්ටා පංසල වේ. එය රාමුවට සම්බන්‍ධ වී ඇත්තේ රේඛාවකිනි. කාසියේ පිටුපස රේඛා රාමුවේ චක‍්‍රයක් ඇත. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් .53×.53කි. බර ග්රේම්ස් 29.7ක් වේ.
තවත් බෞද්ධ චක‍්‍ර කාසියක අභිමුඛයෙහි කොටුවක් තුළ ගසක් වේ. එසේම මොල්ලියක් සහිත කුඩා ගොනෙකු සිටගෙන සිටී. නොපැහැදිලි ලාංඡුනයක් පහළින් ඇත. ඉහළින් චෛත්‍යක් දක්නට ලැබේ. ප‍්‍රතිමුඛයෙහි චක‍්‍රයකි. කාසියෙහි ප‍්‍රමාණය අ`ගල් .55×.53කි. බර ග්රේම්ස් 27ක් වේ.
ඉහත කාසියෙහි මොල්ලිය සහිත ගව රූපයක් ඇතත් ඉන්‍දියාවෙන් හමු වූ කාසියක මධ්‍යයෙහි ඉහලින් දකුණට හැරී සිටගත් මොල්ලිය රහිත ගව රූපයකි. එම ගව රූපය කුඩා එකක් නොවේ. ඉහත කාසියෙහි මෙන් මෙම කාසියෙහි චෛත්‍යයක් දැකගත නොහැකි වුවද ගවයට පහලින් පංසලක් දැක්වේ. ඒ අසල කට ඇරගත් කිඹුලෙක් සහිත ටැංකියකි. එසේම දකුණු කෙලවරේ ටෝරීන් සළකුණු කිහිපයකි. පහල කෙළවරෙහි මල් මෝස්තරයක් වේ.   
ලක්දිව ඇතැම් බෞද්ධචක‍්‍ර කාසිවල කාසියේ උඩ පැත්තේ රේඛා දෙකකින් සැළසුම් කළ රාමුවක් දැකගත හැකිය. මෙහි ඇතුලෙහි අලියකුගේ රූපයක් ඇත. වම්පසින් අපහැදිලි සළකුණක් දැකගත හැකිය. ඇතාට දකුණු පැත්තෙහි කොස් ගසක සංකේතයක් ඇත. මෙම සංකේතයට ඉහලින් වෙස්ටා දෙව් දුවගේ ගොඩනැගිල්ල වේ. ගර්භ තුනකින් යුත් ස්තූප සංකේතයක් එම ගොඩනැගිල්ලෙහි වම් පැත්තෙහි වේ. ගොඩනැගිල්ලෙහි දකුණු පැත්තෙහි බෑගයක් වැනි සලකුණක් ඇත. මෙම කාසියේ දිග අ`ගල් 1.08ක් වේ. පළල . 98ක් වේ. බර ග්රේම්ස් 131.7කි. ප‍්‍රතිමුඛයෙහි කොටුව ඇතුලෙහි මත්ස්‍ය රූපය වේ.
ලංකාවෙන් හා ඉන්‍දියාවෙන් හමු වූ කාසිවල සම්පූර්ණ සමානත්වයක් දැකගත නොහැකි වුවත් යම් යම් සමානාසමාන ලක්‍ෂණ අපට හඳුනාගත හැකිය. ඉහත කාසියෙහි මෙන් ගසක සංකේතයක් ඇති කාසි දකුණු ඉන්‍දියාවෙන් හමු වී තිබේ. පෙර කාසියේ ඇත්තේ කොස් ගසක් වුවද මෙම කාසියේ යම් වෘක්‍ෂයක් දක්නට ලැබේ. මේ කාසියේ දකුණට මුහුණලා සිටගෙන සිටින අලියට ඉදිරිපසින් කේටේරියක් සහිත වූ ත‍්‍රිෂූලයකි. එසේම නොහඳුනන ත‍්‍රිකෝණාකාර සංකේතයකි. ඉහත කාසියෙහිද අපැහැදිලි සංකේතයක් වේ. වෘක්‍ෂය දැකිය හැක්කේ අලියගේ වම්පසට ඉහලින්ය. නමුත් ඉහත කාසියෙහි කොස් ගස ඇත්තේ ඇතාගේ දකුණු පසෙහිය. මෙම කාසියෙහි පෙර කාසියේ මෙන් ගොඩනැගිල්ල, ස්තූපය හා බෑගය වැනි සලකුණ දක්නට නොමැත.
ඉහතින් දැක්වූ ලංකාවෙන් හමු වූ බෞද්ධ චක‍්‍ර කාසියට තරමක් වෙනස් වූ කාසියක්ද හමු වී ඇත. එම කාසියෙහි අභිමුඛයෙහි වම්පසින් ඇතකුගේ සංකේතයක් දක්නට ලැබේ. දකුණුපස අපැහැදිලි සංකේතයක් වේ. වෙස්ටා ගොඩනැගිල්ල ඉහලින් දැකගත හැකිය. එහි දෙපැත්තෙහි ස්තූප දෙකකි. එම ස්තූප ගර්භ තුනකින් යුක්ත වේ. එසේම මාළුවකුගේ සංකේතයක් සළකුණු කළ කොටුවක ඇත.
ලංකාවේ තවත් බෞද්ධ චක‍්‍ර කාසියක ඉරි දෙකකින් චතුරස‍්‍රය සලකුණු කර ඇතාගේ රූපය ඉදිරියේ ගොඩනැගිල්ලක් දක්වා ඇත. මෙහි වම්පැත්තේද ගොඩනැගිල්ලක් ඇත. දකුණුපස අතු තුනක ගසක් දක්නට ලැබේ. මෙම ගස සමීපයේම තවත් ස්තූප සංකේතයක් වේ. කාසිය පිටුපස මාළුවාගේ සංකේතය ඇත.    
මෙම කාසියේ අභිමුඛයේ තනි කොටුවකි.  එහි වම්පසට මුහුණ ලා සිටින අලියකුගේ රූපයක් ඇත. අලියගේ රූපයට පිටුපසින් පූජනීය වෘක්‍ෂයක් සහ ඉදිරියෙන් ත‍්‍රිකෝණ සටහනක් ඇත. එම ත‍්‍රිකෝණ සටහනට ඉහලින්ද පූජනීය වෘක්‍ෂයක් වේ. මැද දක්නට ලැබෙන සංකේතය පැහැදිලි නැත. ප‍්‍රතිමුඛයෙහි මාළුවකුගේ සංකේතයක් ඇත. කාසියෙහි ප‍්‍රමාණය දිග අ`ගල් .88කි. පළල .78ක් වේ. ග්රේම්ස් 138.2ක් බර වේ. ප‍්‍රතිමුඛයෙහි රාමුව කොටු දෙකකින් යුක්ත වේ. නමුත් අභිමුඛයෙහි තනි කොටුවකි.
ඉහත කාසියෙහි මෙන් වම්පසට මුහුණලා සිටින ඇත් රූපයක් සහිත කාසියක් දකුණු ඉන්‍දියාවෙන් හමු වී තිබේ. ඇත් රූපයට ඉදිරියෙන් වේදියකින් යුත් වෘක්‍ෂයක් හඳුනාගත හැකිය. නමුත් ඉහත කාසියෙහි ඇත්තේ අලියගේ රූපයට පිටුපසින් පූජනීය වෘක්‍ෂයක් සහ ත‍්‍රිකෝණ සටහනකි. මෙම කාසියෙහි ත‍්‍රිකෝණ සටහනක්ද දැකගත නොහැකිය. අලියට ඉහලින් මැද අපැහැදිලි සංකේතයක් ඇත. අලියට පිටුපසින් වමේ සිට දකුණට ස්වස්තිකය සහ ටෝරීන් සංකේත 2ක් හඳුනාගත හැකිය. කාසියෙහි දිග සෙන්ටි මීටර් 1.5කි. බර ග්රේම්ස් 2.1ක් වේ. කාසිය ප‍්‍රතිමුඛයෙහි ඉහත කාසියෙහි මෙන් මාළුවාගේ සංකේතය ඇත.
අභිමුඛයේ චතුරස‍්‍ර දෙකක් සහිත රාමුවක් ඇති බෞද්ධ චක‍්‍ර කාසි වර්ගයක්ද ලංකාවෙන් හමු වේ. එම රාමුව තුළ වම්පසට මුහුණලා සිටින ඇත් රූපයකි. එම කාසියේ ඇත්තේ මෙම රූපය පමණයි. කාසියෙහි පිටුපස ඉරි දෙකකින් ඇඳි චතුරස‍්‍රයක් තුළ මාළුවකුගේ සංකේතයක් දක්නට ලැබේ.
ඉන්‍දියාවෙන් හමු වූ පාණ්ඩ්‍ය කාසියක අභිමුඛයෙහි වම්පසින් ඇත් රුවක් වේ. නමුත් ඉහත කාසියෙහි මෙන් තනි ඇත් රූපයක් නොව ඇතා  පිට මිනිසකු හිඳගෙන සිටී. මෙම කාසියෙහි දැකගත හැක්කේ එම සලකුණු දෙක පමණි. මෙම කාසිය ඍජුකෝණාස‍්‍රාකාර වේ. පෙර කාසියෙහි මෙන් මේ කාසියෙහිද පිටුපස මාළුවෙක්ගේ සංකේතය දක්නට ලැබේ.
ඉරි දෙකකින් ඇඳි චතුරස‍්‍රයක් තුළ අලියකුගේ රූපය වෙනුවට ගොඩනැගිල්ලක් හෙවත් පංසලක සලකුණක් ඇති තවත් කාසි වර්ගයක් ඇත. මෙහි අපැහැදිලි සංකේත දෙකක්ද හඳුනාගත හැකිය. ඉරි දෙකකින් ඇඳි කාසියෙහි ප‍්‍රතිමුඛයෙහි මාළුවාගේ සංකේතය ඇත.
දකුණු ඉන්‍දියාවෙන් හමු වී ඇති පංසල් ලකුණ සහිත පාණ්ඩ්‍ය කාසිවල පංසලත් සමග විවිධ සංකේත හඳුනාගත හැකිය. මෙම කාසිවල පංසල් සංකේතය අධ්‍යයනය කරන විට පෙනී යන්නේ ඒවා 1890දී සොහාගවුරා ග‍්‍රාමයෙන් සොයාගත් තඹ ප්ලේට් වල ඇති සංකේත වලට සමාන බවයි. ලංකාවේ යාපනයෙන් සොයාගත් මේ හා සමාන කාසිවල පසුපස මාළු සලකුණෙන් මේ සියල්ලම පාණ්ඩ්‍ය කාසි බව පෙනේ.
ලංකාවෙන් සහ දකුණු ඉන්‍දියාවෙන් හමු වූ පැරණි පාණ්ඩ්‍ය කාසිවල ඇතැම් කාසි හැඩයෙන් සමාන වන අතර ඇතැම් කාසි හැඩයෙන් අසමාන වේ. යොදාගත් ලෝහයද ඇතැම් කාසිවල සමාන වන අතර ඇතැම් කාසිවල අසමාන වේ. බර ප‍්‍රමාණයද එසේමය. ඇතැම් කාසිවල ප‍්‍රතිමුඛයෙහි විවිධ සංකේතයන් හඳුනාගත හැකි අතර සමහර කාසිවල තනි සලකුණක්ද දැකගත හැකිය. හැම කාසියකම වාගේ ප‍්‍රධාන සංකේතයක් දැකගත හැකිය. වෙනත් සලකුණු තිබේනම් ප‍්‍රධාන සංකේතයට වඩා කුඩා ඒවාය.

2 comments: