Friday, December 5, 2014

ගඩලාදෙණිය විහාරයේ හායනකාරක

ගඩලාදෙණිය විහාරයේ හායනකාරක
ගඩලාදෙණි විහාරයේ ස්මාරක ජීරණය වීම සඳහා බලපානු ලබන අභ්‍යන්තර හායන කාරක  හා බාහිර හායන කාරක යන අවස්ථාවන් දෙකම දක්නට ලබේ. මෙම විහාරයට පිටුපසින් පිවිසීමට ඇති මාර්ගයේ අලංකාර සඳකඩ පහනක් දැකගත හැකි අතර ඒ මැදින් ප‍්‍රවේශ මාර්ගයක් සකසා ඇති හෙයින් එම සඳකඩ පහනට හාණි සිදුවී ඇති අයුරු දැකගත හැකිය. එසේම පිටුපසින් විහාරයට ප‍්‍රවිෂ්ට වීමට ඇති පැරණි වාහල්කඩ කෙරෙහි අවධානයක් යොමු නොකර ඇති බව පැහැදිලි වේ. එය පැරණි ක‍්‍රමයට සිංහල උළු යොදාගෙන  සකසා ඇති වාහල්කඩකි. එහි යාචකයන් පවා අනවසරයෙන් රැුඳී සිටියි. මෙවැනි මානව ක‍්‍රියාකාරකම් හරහා එම පෞරාණික ස්ථානයට බලපැමක් ඇතිවී ඇත. විහාර බිත්තියේ ස්ථානයක් බොල් වී ¥ෂිත වාතය ආර්ද්‍රතාවය වැනි සාධක හේතුකොට ගෙන පතුරු ගැලවී ඇති අතර එම පතුරු ගැලවී අති ස්ථායේ හඳුන්කූරු දැල්වීම නිසා එයින් වන හාණිය සීඝ‍්‍ර වී ඇත. මෙම පතුරු ගැලවී ඇති ස්ථානය තුළින් වාතය, ¥විලි, විවිධ වූ කෘමි සතුන් ගමන් කොට තව තවත් පතුරු ගැලවී යන හෙයින් එය වළකා ගැනීමට බොල්වී හා ඉදිමී ඇති බදාම ස්තර ගලවා පෙර තිබූ බදාමයට ගැළපෙන මිශ‍්‍රණයක් සකසා ගෙන එය ප‍්‍රතිසංස්කරණය කළයුතු වේ. මානව ක‍්‍රියාකාරකම් නිසා සිදුවන බලපෑම් සැළකිය යුතු ප‍්‍රමාණයක් මෙම විහාර භූමිය තුළින් හඳුනාගත හැකිය. විශේෂයෙන් ඉරිතලීම්, පතුරු ගැලවී ඇති ස්ථානවල දැඩි ලෙස හඳුන්කූර දැල්වීම නිසා එම ස්ථාන දුර්වර්ණ වීම, අවපැහැ ගැනීම් සිදුවී ඇත. මෙය ම`ගහරවා ගැනීම සඳහා මෙවැනි ක‍්‍රියාකාරකම් තුළින් සිදුවන හාණිකර තත්වයන් පිළිබඳ පැහැදිලි ලෙස මිනිසා දනුවත් කිරීම කඩිනමින් සිදුකල යුතු ක‍්‍රියාවලියකි. ඇතැම්විට මෙහි ආරක්‍ෂාවට හා නඩත්තු කටයුතු සඳහා සිටින සේවකයන්ගේ අනවශ්‍ය හා අනවසර තැන්පත් කිරීම් නිසා මෙම ඓතිහාසික ස්මාරකයට සිදු වූ හා සිදුවීමට ඇති අහිතකර තත්වයන් බහුලය. ප‍්‍රධාන විහාර ගෙයෙහි ඇඳන් පවා තබා ඇති අයුරු දැකිය හැකිය. චෛත්‍යයක හෝ විහාරයක ගැලවී ගිය කොත් කැරැුල්ලක්ද විහාරගෙයි පසෙක තබා ඇත. ඓතිහාසික ස්ථානයක මෙවැනි ක‍්‍රියාකාරකම් කිසිසේත් සිදු නොවිය යුතු වේ. එම අනවසර තැන්පත් කිරීම් හරහා විහාර බිත්තියට හා එහි පූජනීයත්වයට විශාල බලපෑමක් එල්ල වේ.
විහාරයෙහි ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාවේ දකුණු පපු ප‍්‍රදේශයේ පොතු ගැලවී යන ස්වභාවයක් දක්නට ලැබේ. එය ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රතිමාව පුරාම විහිදී යා හැකිය. මේ හා සමානවම විහාරගෙයි බිත්ති මතද බදාම තට්ටු පතුරු වශයෙන් ගැලවී ගොස් බිත්තිය බැඳීමට යොදාගත් කළුගල් ඉස්මතු වී ඇත. මේවායෙහි ඇතැම් ස්ථානවල වේයන් ආදී කුඩා කෘමි සතුන් වාසස්ථාන සකසාගෙන ඇති හෙයින් බදාම තට්ටු ගැලවීයෑමේ අවදානම වැඩිවී ඇත. විහාරයෙහි අත්තිවාරම සඳහා යොදා ඇති කැටයම් සහිත ගල් බැම්මෙහි කුඩා කෘමි විශේෂයක් වාසස්ථාන ඉදිකරගෙන ඇති හෙයින් එහි අභ්‍යන්තරයේද විශාල කුහර සැදී ඇත. මේ නිසා සුළං, ¥ලි අංශු හා කෘමි සතුන්ගෙන් සිදුවන මෙම විනාශය වළකා ගැනීමට පතුරු ගැලවී යන ස්ථානයට අවශ්‍ය පිළියම් සිදුකළ යුතු වේ. එසේම පිළිම ගෙයි ඇති පැරණි ශ‍්‍රාවක ප‍්‍රතිමා දෙකක එක් අතක් කැඞී බිඳී විනාශ වී ගොස් ඇති අයුරු නිරීක්‍ෂණය කිරීමේදී හඳුනාගන්නා ලදි. ඒවා කාලයක් පැවතීම නිසා එහි ගුණාත්මක භාවයන් පිරිහී ගොස් ඒවා විනාශ වී ඇති අයුරු පැහැදිලි වේ. මෙම පිළිම විනාශ වී ඇති අයුරින්ම පැවතීම එහි අංග සම්පූර්ණ බව හා සෞන්දර්යාත්මක ඒකාබද්ධතාව ගිලිහී යාමට හේතුවක් වේ. එනිසා ස්මාරකයේ පවතින සාක්‍ෂි පදනම් කරගෙන එම ඌනතාව සම්පූර්ණ කිරීම එහි සෞන්දර්යාත්මක ඒකාබද්ධතාවට හේතුවක් වේ. විහාර මන්දිරයේ ප‍්‍රධාන දොරටුවේ කොටස් කුඩු වශයෙන් ගැලවී යාමක් දක්නට ලැබේ. එමගින් දොරටුවෙහි ඇති සිතුවම් වලටද බලපෑමක් ඇති කරයි. බොහෝ විට මෙය සිදුවී ඇත්තේ දෛනිකව පැමිණෙන සංචාරකයින් විසින් එම ස්ථානය ස්ඵර්ශ කිරීම හේතුවෙනි. එසේහෙයින් එය වළකා ගැනීමට ස්ඵර්ශ කිරීම් ආදී අහිතකර මානව ක‍්‍රියාකාරකම් නතර කළ යුතු වේ. විහාරගෙට ඇතුළු වන විට එහි වම්පස කෙළවරෙහි බිත්තියෙහි විදුලි රැුහැන් ඇදීම සඳහා හෑරීම හේතුවෙන් බරපතල හාණියක් බිත්තියට හා ඒ අවට ප‍්‍රදේශයට සිද්වී ඇත. එසේම එය අනාරක්‍ෂිතව සිදුකොට ඇති හෙයින් විශාල විනාශයක්ද සිදුවිය හැකි අතර සීඝ‍්‍ර පරිහාණියකට එය අත වැනීමකි. මෙවැනි සුවිසාල මානව ක‍්‍රියාකාරකම් නතර කිරීම ඉතා කඩිනමින් සිදු නොකරන්නේ නම් අනාගත පරපුරට මෙවැනි ඓතිඑාසික ස්ථාන දැකගැනීමටවත් ඉඩ නොලැබෙනු ඇත. එමනිසා පුරාවිද්‍යා ස්ථානවල සිදු කෙරෙන මෙම අනවශ්‍ය මානව මැදිහත් වීම් නතර කිරීමට වගකිවයුතු බළධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතුය.

ප‍්‍රධාන විහාරගෙයි පිට මණ්ඩපයට ඇතුළුවන විට මුලින්ම දැකිය හැකි විසිතුරු කැටයමින් බබළන ත‍්‍රිත්ව කුළුණ හා කුළුණු දෙපස ඇති කුඩා ඇත්රූප දෙකෙහි ආර්ද්‍රතාව අධික වීම නිසා බොහෝ ලෙස පුස් වර්ගයක් බැඳී තිබේ. එතුළින් එහි ඇතැම් කැටයම් පවා විකෘති තත්වයට පත් වී ඇත. එම පුස් බැඳීම නොබෝ කලකින් මුළු ස්මාරකය පුරාම පැතිරීයාමේ ස්වභාවයක් පවතී. විහාර ගොඩනැගිල්ල දේශගුණික සාධක (උෂ්ණත්වය, වර්ෂාව, සුළ`ග* මත විනාශ මුඛයට ඇදෙමින් පවතී. මෙම දේශගුණික සාධක සෘජු ලෙසම මෙම ස්මාරකය වෙත බලපා ඇත. විහාරයෙහි ඉහල කොටස සම්පූර්ණයෙන්ම පෙඳ සහ පාසි වලින් වෙළාගෙන ඇත. වර්ෂාවට හසුවීම නිසා ශෛලමය කොටස් ක්‍ෂය වෙමින් පවතී. මෙහි අභ්‍යන්තරයට ජලය ඛාන්දුවී වාෂ්පීකරණය වීමේදී ලවණ තැන්පත් වීමෙන් ක‍්‍රිස්ටලීකරණය නම් ක‍්‍රියාවලියද සිදුවී ඇත. විහාරයට ඉහළින් ආවරණයක් නොමැති වීම විහාර අභ්‍යන්තරයටද ජලය ඛාන්දු වීමට ඉඩ ඇත. එසේම සූර්ය රශ්මිය ස්මාරකය වෙත වැටීම හේතුවෙන් දුර්වර්ණ වීමට පටන් ගෙන ඇත. දැනට තාවකාලික වහලයක් සකසා ඇතත් එය ප‍්‍රමාණවත් නොවේ. විහාර පාදම කොටසේ අභ්‍යන්තර ජල ගැල්මක් නිසා ඇතැම් ස්ථානවල ජලය ගමන් කිරීමට කුහර නිර්මාණය වී ඇත. එය ඒකාබද්ධතාව ගිලිහී යාමට හේතුවක් වී ඇත. මෙම හායනකාරී තත්වයන් ම`ගහරවා ගැනීමට ස්ථිර වූ වහලක් ඉදි කිරීම යෝග්‍ය වේ. ස්මාරකයන් විනාශයට ප‍්‍රබලවම හේතුවන මෙම උද්භිඳ විද්‍යාත්මක සාධක හා දේශගුණික සාධක විනාශ කිරීම සඳහා සුදුසු රසායනික ද්‍රාවනයන් යොදාගෙන මෙම තත්වයන් විනාශ කිරීම වැදගත් වේ. එසේම එම ගල් කණු පාමුලට ජලය කාන්දුවීම නිසා හිඩසක් පවතී. එය ඒකාබද්ධතාව බිඳි යාමට හේතුවක් වේ. වැසි රහිත දිනවල කුහුඹුවන් එම හිඩැස් තුළ වාසය කිරීම, පස් ඇදීම ආදිය සිදුකිරීම නිසා ස්මාරකයට විශාල බලපෑමක් සිදුවේ. සුළං ම`ගින් සිදුවන බලපෑම් නිසා කුළුණුවල කැටයම් මෙන්ම විහාරයෙහි බිත්ති, එහි ඇති කැටයම් බොහොමයක් ඛාදනය වෙමින් පවතී. විහාරගෙය ඉදිරිපිටම මෙම කූළුණු ස්ථානගතවී ඇති හෙයින් සෘජු ලෙසම සුළ`ගේ බලපෑම මෙම කුළුණු මතට එල්ල වේ. මෙය පාලනය කරගැනීම සඳහා වක‍්‍ර සංරක්‍ෂණ ක‍්‍රමවේදයක් ලෙස රුක් රෝපණ ක‍්‍රියාවලිය වැදගත් වේ.

විජයෝත්පාය නම් චෛත්‍යයෙහි ශාඛ පැළෑටි ඇතිවීම නිසා එම ස්මාරකයට බලපෑම් එල්ලවී ඇත. මේවා කුඩා ශාඛ පැළෑටි වුවද ඒවා ස්මාරකයේ විනාශයට හේතුවක් වේ. චෛත්‍යට සතරදිශාභිමුඛව ගලින් නිමකරන ලද කුඩා විහාර ගෙවල් හතරද ජල ඛාන්දුවීම හේතුවෙන් විනාශ වෙමින් පවතී. එක් විහාර ගෙයක ඉහල බදාම තට්ටු සම්පූර්ණයෙන්ම ගැලවී ගොස්ය. ජලය බිත්ති දිගේ ගලාගෙන ඒම නිසා ඒවායෙහි පිළිමවලටද හාණි සිදුවී තිබෙන අතර එම කුඩා විහාර ගෙවල්හි පෙඳ, පාසි වැනි හායන කාරකයන් ඇති වී තිබෙන හෙයින් දුර්වර්ණ වී ඇත. එම විහාර ගෙවල්හිද කෘමි සතුන් ගුල් නිර්මාණය කරගෙන ඇති හෙයින් හාණි වෙමින් පවතී. චෛත්‍යයට හා ඒ අවට ප‍්‍රදේශයට වැටෙන ජලය බිමට ගලා හැලෙන්නේ සතර දිශාවට මුහුණලා සිටින ඇත් රූප මතිනි. එමනිසා එම ඇත් රූප දැඩි ඛාදනයකට ලක්ව ඇත. මෙය ම`ගහරවා ගැනීම සඳහා එම ජලය ගලා හැලෙන  ස්ථාන වෙනස් කළ යුතු වේ. මෙම එක් විහාර ගෙයක උළුවස්සක්, සවිකොට ඇති බදාමයෙන් වෙන්වී ගැලවී යාමට පටන්ගෙන ඇත. එය නවතා ගැනීම සඳහා බදාම යොදා ඒකාබද්ධතාව සුරැුකෙන පරිදි නැවත පිළිසකර කළ යුතු වේ. ගඩලාදෙණිය සීමා මාලකයට පසෙකින් අතහැර දැමූ පැරණි වැසිකිලියක නටඹුන් හඳුනාගත හැකි වේ. එය නොසලකා හැරීම පුරාවිද්‍යාත්මක තොරතුරු යටපත් කර දැමීමකි. එය අවට පිරිසිදු කොට එම පුරාවිද්‍යාත්මක ස්මාරකය ඉදිරියට පවත්වාගෙන යාම ඓතිහාසික තොරතුරු රැුසක් ආරක්‍ෂා කර ගැනීමකි.

No comments:

Post a Comment