Thursday, December 18, 2014

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ලී කැටයමම් හා ඒවායෙහි විස්තර

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ලී කැටයමම් හා ඒවායෙහි විස්තර
කිසියම් ඝන ද්‍රව්‍යයක කුඩා කොටස් ඉවත් කිරීමෙන් එක්තරා රූපාකාරයකට හැඩ ගැස්වීම කැටයම් කිරීම’’ යනුවෙන් හැඳින්වේ. මෙම ඝන ද්‍රව්‍ය ගල් නම් එම ශිල්පය ‘‘ගල් කැටයම්’’ යනුවෙන්ද, ඝන ද්‍රව්‍ය ඇත් දත් වූ විට ශිල්පය ‘‘ඇත්දත් කැටයම්’’ යනුවෙන්ද, ඝන ද්‍රව්‍ය දැව වූ විට ශිල්පය ‘‘ලී කැටයම් වශයෙන්ද’’ හඳුන්වන් ලැබේ. (විමලදාස 2008: 01.*
කැටයම් කිරීමෙන් කිසියම් සැරසිල්ලක් කිරීම හෝ කලාත්මක අදහසක් පිළිබිඹු කිරීම හෝ කරනු ලැබේ. කැටයම් කිරීමේ කලාව එතරම් පහසුකර ශිල්පයක් නොවේ. එයට ප‍්‍රධාන හේතුව වනුයේ වරක් වැරදුන හෝ අනවශ්‍ය ආකාරයට කැටයම් වුණු දෙයක් නැවත සකස් කළ නොහැකි වීමයි. පලූද්දක් හෝ වැරදුනු ස්ථානයක් වසා සකස් කිරීම, සන්ධි කිරීම ආදිය කැටයමේ අගය අඩු කරන හේතූන්ය. 
ලී කැටයම් යොදාගන්නේ කුමටද? යන්නද විමසා බැලිය යුත්තකි. බොහෝවිට හුදු රසාස්වාදය සඳහා අදහස් ප‍්‍රකාශ කරන කැටයම් ගෙවල මෙන්ම පොදු ස්ථානවලද ප‍්‍රදර්ශනය කෙරේ. තවද ආගමික පූජනීය ස්ථානවල ආගමික සිදධීන් පිළිබිඹු කිරීමටද ලී කැටයම් යොදාගනු ලැබේ. බිත්ති, උළුවහු, දොරවල්, ගෘහභාණ්ඩ ආදිය සිත් ගන්නා සුලූ පෙනුමකින් සරසා තැබීමටද ලී කැටයම් උපයෝගී කරගනු ලැබේ. බර අඩුකම, කැඞී බිඳී කිලිටි වී යාම අඩුකම නිසා ලී කැටයම් භාණ්ඩ පහසුකම් රාශියක් සපයයි. 
ලී කැටයම් කලාව
ශ‍්‍රී ලාංකේය ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පයේ දැව උපයෝගීත්‍වයෙන් නිර්මාණය ලද නිර්මාණයෝ බොහෝ වෙති. රාජකීය හා පූජනීය ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ශිල්පීහු දැව උපයෝගී කර ගැනීම ඈත අතීතයේ සිටම දක්නට ලැබුණි. අප රටෙහි පමණක් නොව අනෙක් සෑම රටකම පාහේ ලී කැටයම් කලාවේ ඉතිහාසය බොහෝ දුරාතීතයේ සිටම අධ්‍යයනය කිරීමට තරම් ජීවමාන සාක්‍ෂි ඉතිරිවී නොමැත. ඊට හේතුව ඉතා පුරාණයේ ලී කැටයම් කලාව නොතිබීම නොව දැව ඉතා ඉක්මනින් ක්‍ෂය වන ද්‍රව්‍යයක් නිසාවෙනි.
පැරණි මිසරයේ පවා දැව කැටයම් භාවිත වූ බව ග‍්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ.
ලී වලින් සාදන ලද ප‍්‍රතිමා සහ තරමක් විශාල ලෝහ ප‍්‍රතිමාවල අවයව අතින් බලන විට, අඩු සීමාවන් පනවන ලද්දේ වැඩි කොටම මේවා සාදනු ලැබුයේ කොටස් වශයෙන් හා පසුව එකට සම්බන්‍ධ කිරීමෙන් නිසාය. මිසර දැවවල අල්පීය ගුණාත්මක භාවය සහ දුෂ්කර මාරුව හේතු කොට ගෙන ගැටළු මතු වීම නිසා ප‍්‍රතිමා මෘදු ගලින් මෙන් නියන සහ වෑය උපයෝගී කරගෙන කැටයම් කරනු ලැබේ. (පොන්නම්පෙරුම 1996: 77.* එහෙත් ලෝක ලී කැටයම් කලාවේ ශේෂව පවතින සාධක නැති තරම්ය. සාංචි ස්තූපය ආශ‍්‍රීතවද දැව කැටයම් වලින් සමන්විත යම් යම් අංග ලක්‍ෂණයන් තිබුණු බව පැහැදිලි වේ. සාංචි ස්තූපය දෙස බලන විට හැ`ගී යන්නේ එම ස්තූපය අශෝක සමයේ ඉදිකළ බවයි. ගල්වැටි හා තොරණ පසුව එක් කළ බව සිතනු ලැබේ. මෙහි මුලදී ලී වැටක් තිබුණු බව විචාරකයින්ගේ අදහසයි. (විජේබණ්ඩාර 1990: 317.* මේ අනුව පැහැදිලි වන්නේ සාංචි ස්තූපය අවට කැටයම් සහිත යම් යම් නිර්මාණයන් තිබූ බවයි. 
එහෙත් මහනුවර යුගය වන විට බොහෝ ගොඩනැගිලි හා ඉදිකිරීම් උත්කෘෂ්ට ලෙස දැවයෙන් කර ඇති බව හමුවන වටිනා නිදසුන් වලින් පෙනේ. විශේෂයෙන් ඉතාම මෑත ඉතිහාසයේ ඉතිරිවී තිබෙන දැවමය නිරිමාණ පමණයි අපට දැකගත හැකිවන්නේ. ගම්පොල සහ මහනුවර යුගයේ ලී කැටයම් කලාව ප‍්‍රධාන කොටස් තුනක් යටතේ අපට හඳුනාගත හැකි වේ. එනම්
ගෘහ නිර්මාණ ආශ‍්‍රිතව
කැටයම් ලෙසට
තනි තනි නිර්මාණ ලෙසට වශයෙනි.
මහනුවර යුගයේ දැව කැටයම් කලාවේ කලාත්මක බව, උත්කෘෂ්ට බව, නිර්මාණාත්මක බව හා උසස් ශිලිපීය තාක්‍ෂණය මනාව පිළිබිඹු වන කදිම නිදසුන් කීපයක් ලෙස 
මහනුවර ම`ගුල් ම`ඩුව
දළ\ මාළිගය හා සිවු මහා දේවාල
පාදෙනිය විහාරය
සමකාලීන යුගයේ වලව් (ගෘහ නිර්මාණ*
දේවාල
අම්බලම් 
වැනි රාජකීය, පූජනීය හා සාමාන්‍ය ගොඩනැ`ගිලි පෙන්වා දීමට පුළුවනි. 
සමස්ත ගෘහයෙහිම කැටයම් දැකගත හැක්කේ ඇම්බැක්ක දේවාලයෙහි හා ම`ගුල් ම`ඩුවෙහිය. 
ලෞකික නිර්මාණ ලෙසට ගිණිය හැක්කේ අම්බලම් වැනි ස්ථානයන්ය. පනාවිටිය අම්බලම, ගොඩමුන්න අම්බලම, මාතලේ වෙල් යායක් මැද පිහිටි ප`ඩිවිට අම්බලම ආදී ස්ථානවල කැටයම් හඳුනාගත හැකි වේ. 
ගොඩනැ`ගිල්ල තුළ එන කැටයම් 
දොර
උළුවහු
ජනේල්
පනේල
ආදී වශයෙන් හඳුනාගත හැකිය.
කරුණු එසේ වුවද ශ‍්‍රී ලංකාවේ කැටයම් කලාවේ ඓතිහාසික තත්ත්වය අධ්‍යයනය කිරීමට ගල් කැටයම්, ලෝකඩ රූප හා බිතු සිතුවම් ආදිය වක‍්‍ර මාර්ගයකින් උපකාරී වේ. ඒවා ගැන විචාරයක යෙදීම ලී කැටයම් කලාවේද ඉතිහාසය අවබෝධ කරගැනීමට උපකාරී වේ.  
මහින්දාගමනයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ඇති වූ සංස්කෘතිකමය පිබිදීම තුළින් බොහෝ දියුණු වූ කර්මාන්ත මෙරටෙහි ඇති වූ බව විවිධ මූලාශ‍්‍රගත තොරතුරු වලින් හෙලිවේ. දියුණු දැව කර්මාන්තයක් හා දියුණු වඩු කාර්මික පිරිසක් මෙරට ඇති වීමටත් මෙම සමකාලීන සංස්කෘතික පිබිදීම හේතු වූ බව පැහැදිලි වේ. නමුත් ක‍්‍රී.පූ 2-3 පෙර සිටම දැව උපයෝගීත්‍වයෙන් කළ නිවාස හා විවිධ නිර්මාණ මෙරට තිබෙන්නට ඇත. රාවණා රජුගේ දැවයෙන් කළ ද`ඩු මොනරය මෙයට කදිම නිදසුනකි. (සිරිවර්ධන 2008: 104.*
ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ ප‍්‍රමුඛස්ථානය ස්ථම්භයට හෙවත් කුළුණට හිමි වේ. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්‍ණයකි අලංකාර කුළුණු සහිත වීම. දැවයෙන් කළ කුළුණු බහුල වන අතර කළුගල් කුළුණු කලාතුරකින් භාවිත කර තිබුණි. ගලින් නිමවන ලද කුළුණුද දැව කුළුණුවලම හැඩය ගත් අතර දැව කුළුණුවල මෙන් විචිත‍්‍ර කැටයම් ඒවායේ නොවීය. මේ කුළුණු ලක්‍ෂණ අනුව දකුණු ඉන්දීය දේවාල කණුවල ආභාෂය පෙන්නුම් කරයි. න`ගරයෙහි අලංකාරම දැව කුළුණු දක්නට ලැබෙන්නේ ම`ගුල් ම`ඩුවෙහිය. දළ\ මාළිගය, නාථ දේවාලය, විෂ්ණු දේවාලය, ගෙඩිගේ විහාරය වැනි තැන් වලද මෙම දැව කැටයම් දක්නට ලැබේ. (විජයවර්ධන 2009: 53.* මහනුවර රාජධානියේ ගොඩනැ`ගිලිවල දොර උළුවහුද අලංකාර කැටයම් වලින් යුක්ත විය. මෙම උළුවහු කළුගල් මෙන්ම දැව වලින්ද තනා තිබුණි. දැව උළුවහු බහුල විය. (එම.* දැව කණු මත මණ්ඩප ආකාරයෙන් තැනූ ගොඩනැ`ගිලි සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ජනප‍්‍රිය අංගයකි. අනුරපුර පොළොන්නරු යුගවලදී ගල් කණු මත තැනූ එම ගොඩනැ`ගිලි මහනුවර යුගයේදී ගල් පාදමක් මත කැටයම් පිරි දැවකණු යොදාගෙන ඉදි කෙරිණි. ඇම්බැක්කේ දේවාලය, ලේවැල්ලේ ගංගාරාමයේ ධර්ම ශාලාව, සූරියගොඩ විහාරයේ ධර්ම ශාලාව එවැනි මණ්ඩප ආකාරයේ ගොඩනැ`ගිලි වලට නිදසුන් වේ. අපේ මුතුන් මිත්තෝ ගල්ගුහාවල වාසය කෙමෙන් අතහැරියාට පසුව කණු නැංවූ ගෙවල්ලව වාසය ආරම්භ කළ බව පැවසේ. ආදියේ ගෘහ කුළුණු හැටියට දෙබල සහිත කැලෑ ලී පාවිච්චි කළහ. වේයන්ගෙන් පැවති උවදුරු දුරු කීරීම් වස් මෙසේ කණු සිටවීම අතහැර, කල් යත්ම මැටි බඳුන් තුළට කුළුණු දමා එය වඩාත් සුරක්‍ෂිත වන අන්දමේ නොයෙකුත් උපා යොදා ගත්හ. දැව කුළුණු සුරක්‍ෂිත කරනු වස් අතීත ජනයා සිදුකළ ක‍්‍රියා මාර්ගයන් ඒ තුළින් පැහැදිලි වේ. අතීත දැව කැටයම්වල අලංකාරය තව දුරටත් වැඩි කරනු අටියෙන් බඳුන් හෙවත් කලස් දෙක දෙපසට සිවු රැුස් හැඩය ඇති ලෑලි කැබලි දෙකක් හෝ එයට වැඩි ගණනක් මේ සැරසිල්ලටම එකතු කළහ. (වික‍්‍රමසිංහ 2006: 27.* කුළුණක ප‍්‍රයෝජනය හා විචිත‍්‍රත්වය ගැන සිතූ පැරණි ගෘහ නිර්මාණ ශිල්පීහු කුළුණේ හැඩය හා ඒ සඳහා යෙ¥ දැව කලින් කල වෙනස් කොට යෙ¥හ. (එම* මේ හැර එකල සමාජයේ අවශ්‍යතා අනුව ලී කැටයම් සහිත ගෘහ භාණ්ඩ, තඹ පිත්තල භාණ්ඩ, විසිතුරු ලාක්‍ෂා භාණ්ඩ ආදිය සැපයූ ශිල්පී සමූහයටද සම්මාන සහිතව ගම්වර ආදිය ප‍්‍රදානය කරන ලද බව සන්නස්වල සඳහන් වේ. මේ අනුව දැව කැටයම් ආදී ශිල්පීන් දිරිමත් කරනු වස් පාලක පංතිය කටයුතු කළ බව පැහැදිලි වේ.  
අනුරාධපුර යුගයේ කැපී පෙනෙන ගෘහ නිර්මාණ බොහොමයක් ශිලා උපයෝගීත්‍වයෙන් නිර්මාණය කර ඇත. ඒ යුගයේ වූ දියුණු කලා කැටයම් අද දක්වාත් නොනැසී පවතී. මේ යුග වලදීද දැව භාවිතය තිබෙන්නට ඇත. එහෙත් ලැබෙන පුරා විද්‍යාත්මක සාක්‍ෂි මඳ වේ. නමුත් ශිලාමය ගොඩනැ`ගිලිවල පාදම්වල දක්නට ඇති ඇතැම් කුහර හා කුඩා වලවල් දැව භාවිතයෙන් කළ දොර උළුවහු හා ජනෙල් සවි කළ ඒවා බව විද්වත් මතයයි. (එම*
අනුරාධපුර සහ පොළොන්නරු යුගවලට අයත් දැව මූර්ති කිහිපයක් අපට හඳුනාගත හැකි වේ. 
කුරුණෑගල දිස්ත‍්‍රීක්කයේ කොළඹගම රජමහාවිහාරයේ තැන්පත් කොට ඇති ක‍්‍රිස්තු වර්ෂ නවවැනි හා දහවැනි සියවස්වලට අයත් යැයි සිතිය හැකි බුද්ධ ප‍්‍රතිමාව
එච්. සී. පී බෙල් මහතා විසින් රිටිගලින් සොයාගන්නා ලදුව, දැනට ජාතික කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනය කෙරෙන, පශ්චාද් අනුරාධපුර යුගයට අයත් සේ පෙනීයන සාලිය කුමරාගේ දිරාපත් මූර්තිය
x දඹුල්ලේ අංක 1 දරන ලෙන් විහාරයේ ඇති පශ්චාද් අනුරාධපුර යුගයට අයත් සේ සැළකෙන උපුල්වන් දෙවියන්ගේ මූර්තිය
x දඹුල්ලේ අංක 2 දරන ලෙන් විහාරයේ පශ්චාද් අනුරාධපුර යුගයට අයත් යැයි සිතිය හැකි වළගම්බා රජුගේ මූර්තිය
x දඹුල්ලේ අංක 2 දරන ලෙන් විහාරයේ විද්‍යමාන පොළොන්නරු යුගයට අයත් යැයි සැළකෙන සමන් හා උපුල්වන් දේව ප‍්‍රතිමා සහ මෛත‍්‍රී බෝධිසත්ත්ව රූපය (ලක්දුසිංහ 1998: 394.*
මේ දක්වා ශේෂ වී පවතින පැරණිතම ලී කැටයම් දක්නට ලැබෙන්නේ උඩුනුවර ග`ග පළාත කෝරළයට අයත් උඩ අළුදෙණිය විහාරයෙහි උළුවස්සෙහිය. (මුදියන්සේ 1966: 1.* සඳුන් දැවයෙන් කරන ලදැයි සැළකෙන අළුදෙණිය විහාරයෙහි උළුවස්සෙහි 
ලියවැල් 
ගජලක්‍ෂ්මී රූප
පලාපෙති 
පූර්ණඝට
හංසරූප
කැටයම් කර ඇත. මෙහි විද්‍යමාන මිථුන රූප යුගලයෙහි එන ස්ත‍්‍රී පුරුෂයෝ විසිතුරු ලෙස හැඳ පැළඳගෙන සිටිත්. කතුන්ගේ පුන් පියයුරු කැපී පෙනෙන ලෙස නිර්මාණය කර ඇත. ගැහැණු පිරිමි දෙපක්‍ෂයම කුණ්ඩලාභරණ පැළඳ සිටිත්. එක් කාන්තාවක සංගීත භාණ්ඩයක් අතින් දරා සිටින අතර තවත් කතක් විජිනිපතක් අතින්ගෙන සිටින බවක් පළ කරයි. 
උළුවස්සෙහි පහත කොටසෙහි නිරූපණය වන්නේ නර්තනයේ හා වාදනයේ යෙදෙන පිරිසකි. මොවූනතරින් බහුතරය පිරිමින්ය. උළුවස්සේ දකුණුපස, පියාසර කරන බවක් පෙන්වන අධිමානුෂ ලක්‍ෂණයන්ගෙන් හෙබි රූ කිහිපයකි. උළුවස්සෙහි කැටයම් කර ඇති මල්, ලියවැල් හා සත්ත්වරූප බෙහෙවින් කලාත්මකය. අළුදෙණිය විහාරයෙහි කැටයම් සිංහල ලී කැටයම් කලාවේ අනගිතම නිදර්ශනය ලෙස සැළකිය හැකියැයි අනුරාධ සෙනවිරත්න සඳහන් කරයි. (සෙනෙවිරත්න 1972: 171.*
මෙයින් පසු කාලයට අයත් සේ පෙනී යන දැවයෙන් කරන ලද උළුවහු ගණනාවකම ලී කැටයම් දක්නට ලැබේ.
පාදෙනිය
දෙවනගල
වට්ටාරම
පින්නවල 
ලෙව්කේ
කඩිගමුව
මැදවල
යන විහාරයන්හි කැටයමින් අලංකෘත ලී උළුවහු දක්නට ලැබේ. (ගොඩකුඹුරේ 1982:* කැළණි විහාරයේද ලී උළුවස්ස කැටයම් වලින් පිරිපුන් වේ. ඊට අමතරව අරණායක, දිප්පිටිය හා ඇම්බැක්ක දේවාලයෙහිද කැටයම් සහිත ලී උළුවහු දක්නට ලැබේ. (මාරසිංහ 2007: 38.*
මේ හැම උළුවස්සක්ම අරිම්බු, කුන්දිරික්කන්, පලාපෙති, ලියවැල් සහ කතිරිමල් ආදී කැටයමින් යුක්තය. ඒ හැරුණුවිට දේවරූප, ස්ත‍්‍රී පුරුෂ රූප, සත්ත්වරූප, මිථ්‍යා සත්ත්වයන්ගේ රූප සහ පංචනාරී ඝටය වැනි කැටයම්ද මේ උළුවහු ගණනාවක විද්‍යමාන වේ.  
දිප්පිටිය විහාරයේ උළුවස්සේ ඉහළ හරස්කඩෙහි මැදට වන්නට පංචනාරී ඝටයෙන් සැරසුණු පුන්කළසකි. උළුවහු කඳන්වල පහතටම වන්නට දෙපසෙහි අංකුශ ගත් ඇත්රුවෝ දෙදෙනෙකි. වට්ටාරම විහාරයේ උළුවස්සෙහි නර්තනයෙහි යෙදෙන ස්ත‍්‍රීන් දෙදෙනෙකුගේ රූප විද්‍යමාන වේ. උළුවස්ස මුදුනෙහි දෙවි කෙනෙකුගේ යැයි සිතිය හැකි රූපයකි. 
මේ හැරුණු විට මැදවල ටැමිපිට විහාරයේ උළුවහු කණුවල කෙළවරෙහි ඇති කොටුවල සිංහ රූප දෙකකි. එහිම හරස්කඩෙහි ඇති කැටයම් ලෑල්ලක සංකීර්ණ ලියවැල් රටාවෙන් නිමවන ලද මුහුණට මුහුුණලා සිටින ශෛලීගත මකර රූ දෙකකි. කැළණිය රජමහ විහාරයේ උළුවහු දෙකම කුන්දිරක්කන්, ලියවැල් හා රටාගත මල්වලින් සරසා ඇති අතර පාමුලට වන්නට ඇති කොටුවල සිංහ රූප හතරක් දක්නට ලැබේ. එක් උළුවස්සක විශාල මල් දෙකක් මත සිටින භේරුණ්ඩ පක්‍ෂී රූප යුගල ද්වයකි. රිදී විහාරයේ උළුවස්සේ හරස්කඩයේ ඉහළ කොටසෙහි ඇත් කොටු දෙකේ භේරුණ්ඩ පක්‍ෂී යුගල බැගින් වේ. එහි එළිපත මධ්‍යයෙහි ඇති පද්මය දෙපසින් සැරපෙන්දන් දෙදෙනෙකි. (එම*
කුරුණෑගල දිස්ත‍්‍රීක්කයට අයත් බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ ඉහළ මහලේ ප‍්‍රදක්‍ෂිණා පථය වටා පිහිටි දැව කණුද කැටයමින් අලංකෘතය. මේ දැවකණු විස්සෙහි විද්‍යමාන කැටයම් අතර සිංහ, ගව, මුව හා සා රූපද, මල්, බෝකොළ මෝස්තර හා නාග ද`ගයද, අශ්වාරෝහකයකුගේ රුවක්ද වේ. මේ ලී කැටයම් විහාරස්ථානයට විශේෂ වැදගත්කමක් ලබාදීමෙහිලා හේතු වී ඇති බව පෙනේ 
කුරුණෑගල දිස්ත‍්‍රීක්කයේ දඹදෙණිය ආසන්නයෙහි පිහිටි සිරිගල ශෛලතලාරාම පුරාණ විහාරස්ථානය ලී කැටයම් සම්බන්‍ධයෙන් වැදගත්කමක් උසුලන තවත් පෞරාණික සිද්ධස්ථානයකි. දඹදෙණි යුගයට අයත් සේ සැළකෙන මේ විහාරස්ථානයෙහි මහනුවර යුගයේ ඉදිකිරිම් දක්නට ලැබේ. මෙහි පිළිමගෙය මැදි වන ආකාරයට ගෙයි වහල දරා සිටින ලී කුළුණුවල පේකඩ නෙළුම්මල් මෝස්තරයන්ගෙන් අලංකෘතය. දැව කුළුණුවල කුන්දිරක්කන්, ලණුගැටය, නලාකරුවන්, වෙඩික්කරුවන්, හස්තීන් හා අශ්වයන් කැටයම් කර ඇ;


No comments:

Post a Comment