Thursday, November 27, 2014

පුරා විද්‍යා ගවේෂණය යනු කුමක්ද?


  විද්‍යාත්මක පුරාවිද්‍යාවේ ප‍්‍රධාන මූලධර්ම පහක් දක්නට ලැබේ. එයින් දත්ත හඳුනා ගැනීම නැතිනම් ගවේෂණය ඉතා වැදගත් වේ. ගවේෂණය යන්නෙන් අදහස් කෙරෙන්නේ සැ`ගවුණු යමක් පිළිබඳව ක‍්‍රමවත්ව සහ විධිමත්ව සොයා බලා ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කර ගැනීමයි. නැතිනම් ස්තර විද්‍යාත්මකව කෙරෙන කැනීම් ඇසුරෙන් පැරණි සමාජයන්ට අයත් පුරාවස්තු හෙවත් ද්‍රව්‍යමය සාධක අනාවරණය කර ගැනීමයි. ඒ යටතේ නොයෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන, ගොඩනැගිලි, සෙල්ලිපි හා වෙනත් භෞතික ද්‍රව්‍ය හා තොරතුරු පිළිබඳ කෙරෙන පරීක්ෂණය, නිරීක්ෂණය හා සමීක්ෂණයන් ගවේෂණය මගින් සිදු කෙරෙයි. පුරාවිද්‍යාවෙන් සිදු කරෙන්නේද සැ`ගවුණු අතීතය පිළිබඳව සොයා බැලීමයි. එම නිසා ගවේෂණය පුරාවිද්‍යාවේ පදනම ලෙස හැඳින්විය හැකිය.
  නමුත් ගවේෂණයයන වචනය පුරාවිද්‍යාවේදී ව්‍යවහාර වන්නේ කැනීමෙන් තොරව කරනු ලබන සොයා බැලීම් සඳහා පමණි. ගවේෂණයේ අර්ථය මෙලෙසින් සීමාකරගනු ලැබුවද ගවේෂණයට පුරාවිද්‍යා විෂය ෙක්‍ෂත‍්‍රයේදී හිමිවන්නේ සුවිසල් වැදගත් කමකි. රීඞ්ල් සාමි වරක් ලංකාව පිළිබඳ මෙසේ ප‍්‍රකාශ කොට ඇත. කලා හා ගෘහ නිර්මාණ ඉතිහාසය ගවේෂණයට කුඩා ප‍්‍රදේශයක් ඇතුලත් ද්‍රව්‍ය රාශියක් මෙරටින් ලැබේයනුවෙනි. මේ අනුව ද්‍රව්‍යාත්මක ගවේෂණය කුමක්දැයි පෙනේ. දත්ත හඳුනාගැනීම යනු පුරාවිද්‍යාත්මක කැනීමකට භාජණය කරන භූමිය විද්‍යානුකූල පරීක්ෂණයකට භාජණය කිරීමයි. එහිදී පළමුවෙන්ම අදාල බිම් ප‍්‍රදේශය ගැන පසුබිම් දැනීමක් අත්‍යවශ්‍ය වේ. ගවේෂණය ප‍්‍රායෝගික වශයෙන් ආරම්භ කරන දිනට පෙර වරක් හෝ දෙවරක් යොජිත ප‍්‍රදේශ වෙත නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කිරීම වැදගත් කටයුත්තකි. ඉන්පසු එහි භූමි දර්ශනය නිවැරදිව තේරුම් ගැනීමටත් සාර්ථකව විශ්ලේෂණයන් කරා යොමු වීමටත් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුය. මෙහිදී මූලික වශයෙන්ම  එම ස්ථානයේ මුලින් කරන ලද පර්යේෂණ වාර්තා, ස්ථානය පිළිබඳ ඓතිහාසික ලිඛිත මූලාශ‍්‍ර  ගැන දැනුමත් ඡුායාරූප මගින් ලබාගත් නිරවුල් දැනුමත් ප‍්‍රාදේශීය අ`ගලේ සිතියම්ද, චන්ද්‍රිකා ඡුායාරූප :ි්එඑැකසටයඑ සප්ටැ* හා ගුවන් ඡුායාරූප අධ්‍යනය කිරීමෙන් ලද දැනුම ඇතිව අදාල ක්‍ෂේත‍්‍රයට පැමිණි විට ගවේෂණයට ලක් කරන දෙය කුමන ඒවාදැයි තීරණය කිරීම පහසු වේ. පළපුරුද්ද හා නිරීක්ෂණ බුද්ධිය මත එය ර\ පවතියි. ක්‍ෂේත‍්‍රයට ගොස් සෘජුවම දත්ත එකතු කර ගැනීම වඩා වැදගත් වුවද, ප‍්‍රාථමික මට්ටමේ වු මෙම අධ්‍යනයන් මගින් ප‍්‍රාදේශීය භූ විෂමතා තත්ව පිළිබඳව යම් දළ අවබෝධයක් ලබා ගැනීමට හැකිවෙයි. සාර්ථක ක‍්‍රමානුකූල කැනීමක් කරනු ලබන්නේ කරුණු රාශියක් අපේක්ෂා කරගෙනය. ඒ අතර ඓතිහාසික යුගයේ අඩුතැන් පිරවමත්, වැරදි තොරතුරු නිවැරදි කිරීමත්, අලූත් ඉතිහාසයක් ගොඩ නැගීමත්, සැක සහිත කරුණු ස්ථීර කරගැනීමත් ප‍්‍රධාන අරමුණු වශයෙන් සැලකේ. සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබෙන ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන තොරතුරු මතුකර ගැනීම අනෙක් අපේක්ෂාවයි. මෙම අපේක්ෂාවන් සඵල කර ගැනීමට ගවේෂණයට පෙර මූලික වශයෙන් සාහිත්‍යයික සහ ඓතිහාසික ග‍්‍රන්ථ පරිශීලනය කිරීම ප‍්‍රයෝජනවත් වේ. ගවේෂණයට පෙර සාහිත්‍යාගත තොරතුරු පරිශීලනය කිරීමේ වැදගත්කම ලෙනාර්ඞ් වුලීගේ පහත දැක්වෙන ප‍්‍රකාශයෙන් පැහැදිලි වේ. බොහෝ විට ගවේෂණය කරනු ලබන ස්ථානය වැදගත් ස්ථානයක් වී නම් ගවේෂණයට පෙර සාහිත්‍ය කෘතීන්හි දැක්වෙන කරුණු ආශ‍්‍රයෙන් ඒ ස්ථානය හඳුනා ගැනීමට හැකිවනු ඇත”  යනුවෙනි. එසේම සෙල්ලිපි මෙන්ම දේශාටන වාර්තාද ඉතා වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු සපයන මූලාශ‍්‍රයන් ලෙස ගවේෂණයේදී සැලකිය හැකිය. මේ අනුව ස්ථානය පිළිබඳව සෑම තොරතුරක්ම ලබාගත හැක්කේ ගවේෂණයකින් පසුවය. ගවේෂණයකින් තොරව භූමිය හඳුනාගැනීම අසීරුය. ඓතිහාසික හෝ ප‍්‍රාග් ඓතිහාසික බව වටහා ගැනීම සඳහා භූමි පරීක්ෂණනයක් හෝ ගවේෂණයක් අවශ්‍ය වේ. එබැවින් ගවේෂණයෙන් තොරව කෙරෙන කැනීම් ප‍්‍රතිඵල රහිත වේ. ගවේෂණයකින් තොරව කරන කැනීම කාලය, ශ‍්‍රමය හා ධනය අපතේ හැරීමක් පමණක් නොව ඓතිහාසිකවූත් වටිවාවූත් තොරතුරු රාශියක් මකා දැමීමකි. මේ නිසා ගවේෂකයාට ප‍්‍රධාන අරමුණක් තිබිය යුතුුයි. එම අරමුණට අනුව ගවේෂණය මූලික ගවේෂණයක් හෝ කාලානුරුපීය ගවේෂණයක් හෝ ස්ථානීය ගවේෂණයක් වශයෙන් හෝ කලාපීය ගවේෂණයක් වශයෙන් හෝ පුහුණු කිරීමේ ගවේෂණයක් වශයෙන් සිදුකළ හැකිය. මෙයින් ගම්‍ය වන්නේ විද්‍යාත්මක ගවේෂණය අත්‍යවශ්‍ය බවයි. කැනීමකදී පුරාවිද්‍යාඥයා  සොයා ගන්නා තොරතුරු වලින් අවබෝධ කොට ගත හැකි දෙයට වඩා අවබෝධයක් ගවේෂණයෙන් මතු වූ කරුණු වලින් ලබාගත හැකිය. මේ අනුව පැහැදිලි වන්නේ ගවේෂණය අවශ්‍ය මෙන්ම වැදගත් කාර්යක් වන බවයි. සර් ප්ලින්ඩර්සන් ප‍්‍රකාශ කරන්නේ යම් කැනීමකට පෙර කැනීමෙන් මතුකර ගන්නට අදහස් කරන දෙය ප‍්‍රකාශ කළයුතු බවයි.  ක්‍ෂේත‍්‍රයේදී ලබාගත යුතු දත්තයන් කුමනාකාර විය යුතුද යන්න තීරණය කිරීමෙන් හා ඒ සඳහා සුදුසු දත්ත සටහන් පත‍්‍රිකාවක් සකස් කිරීම තුළින් අදහස් වන්නේ මූලික වශයෙන් කැනීමකට පෙර සෑම තොරතුරක්ම සම්පූර්ණ විය යුතු බවයි. එසේ කළ හැකිවන්නේ ගවේෂණයකින් පසුවයි.

  දත්ත සැකසුම් භාවිතය, විශ්ලේෂණයන් කිරීම සඳහා වඩා වැදගත් වූ අංගයකි. නිවැරදි විශ්ලේෂණාත්මක කටයුතු සඳහා අවශ්‍ය දත්ත සෘජුවම ක්‍ෂේත‍්‍රය තුළදී ලබා ගැනීම සුවිශේෂී වන අතර ක්‍ෂේත‍්‍ර ගවේෂණයේදී අතීත මනුෂ්‍ය අවකාශයන් පිහිටි ස්ථාන හඳුනාගෙන එම භූමියේ පිහිටීම නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඨඡුී ක‍්‍රමය යොදා ගැනීම සුදුසු වේ. මෙමගින් එම ස්ථානයේ අක්ෂාංශ දේශාංශ පිහිටීම වාර්තා කළ යුතු අතර ලබාගත්තාවූ දත්ත දශම ස්ථාන වලට පරිවර්තනය කිරීමෙන් ක්‍ෂේත‍්‍රයේදී හඳුනාගන්නා ලද පුරාවිද්‍යාත්මක ස්ථාන නිවැරදිව සිතියම්ගත කිරීමේ හැකියාව ලැබෙයි.
  ගවේෂණයක් සිදු කිරීමේදී ප‍්‍රධාන පියවර කීපයක් අනුගමනය කළ යුතුය.
          දත්ත හඳුනාගැනීම
          දත්ත අනාවරණය කර ගැනීම
          දත්ත වර්ගීකරණය
          දත්ත විශ්ලේෂණය
          ප‍්‍රකාශනය 
  ගවේෂණයක අවසාන ප‍්‍රතිඵලය වන්නේ කැණීමකට සුදුසු ස්ථානයන් නිර්දේශ කිරීමයි. ගවේෂණය මගින් අදාළ ප‍්‍රදේශයේ මූලික හෝඩුවාවන් හෝ තොරතුරු සොයා ගැනීම පමණක් සිදුකරන බව මින් පැහැදිලිය. කැණීමකදී ප‍්‍රධානතම ප‍්‍රශ්නය වන්නේ ඊට සුදුසු භූමියක් සොයා ගැනීමයි. එම සුදුසු භූමියක් තෝරා ගැනීමේ එකම ක‍්‍රමය වන්නේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කිරිමයි. ඒ සඳහා විවිධ ක‍්‍රම කීපයක්ම පුරාවිද්‍යාඥයින් විසින් භාවිත කරනු ලබයි.
  මූලික වශයෙන් යොදන ක‍්‍රමයක් වන්නේ අදාළ භූමියේ කිහිප ස්ථානයක අගල් කපා පරික්ෂා කිරීමයි. මෙය ඉතා ජනප‍්‍රිය ක‍්‍රමයක් නොවුවත් සාර්ථක කැණීම් සඳහා ඉවහල් වී තිබේ. එබැවින් එවැනි ගවේෂණ වැඩි මුදලක් හා ශ‍්‍රමයක් වැය නොවන ගවේෂණ වශයෙන් වැදගත් වේ.
  ඉබේ හමුවන පුරාවස්තු මගින් කෙරෙන ගවේෂණයද තවත් එක් ක‍්‍රමයකි. මෙවැනි පුරාවස්තු හමුවන්නේ ගංගා, ඇළ දොළ, හා සුළං මගින් සිදුවන ඛාදනීය තත්වයන් තුළිණි. මෙම ක‍්‍රමය අනුව ගවේෂණය කොට සාර්ථක කැණීම් සිදුකොට තිබේ. බෙල්ජියම, මධ්‍යම ඩැනියුබ් වැනි රටවල පුරාණ, මධ්‍යම හා නවශිලා යුගයට අයත් බොහෝ පුරාවස්තු සොයාගෙන ඇත. එබැවින් මෙවැන් ස්ථාන පිළිබඳ කරන ගවේෂණ ඉතා වැදගත් බව සඳහන් කළ හැකිය. ක්‍ෂේත‍්‍ර ගවේෂණයකදී හමුවන කිසිදු පුරාවස්තුවක් තිබෙන ස්ථානයෙන් ඉවත් නොකළ යුතුය. ගවේෂණය අවසානයේදී ගවේෂණ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව කැණීම ආරම්භයේදී කැණීමට අවහිර වන්නේ නම් පමණක් ඉවත්කළ හැකි සහ ඉවත්කළ යුතු පුරාවස්තු පමණක් එක්රැුස් කර තබාගත යුතුය.
  ගවේෂණයකදී සිදුකළ යුතු මීළ`ග පියවර වන්නේ ව්‍යාපෘති සටහන් සැකසීමයි. ව්‍යාපෘති සටහන් කිරීමට භූමිය පිළිබඳ සවිස්තර දැනුමක් ගවේෂකයාට නොමැති නම් අ`ගලේ සිතියම් හා වෙනත් ආශ‍්‍රිත ග‍්‍රන්ථයන් ඔස්සේ භූමිය පිළිබඳ අධ්‍යනයට ලක් කළ හැකිය.
  මින් පසු ගවේෂකයා විසින් යථෝක්ත තොරතුරු පාදක කොට ගෙන ගවේෂණ සිතියමක් සැකසිය යුතුය. පසුව ගවේෂණ භූමියද තීරණය කොට ගවේෂණය සඳහා ගතවන කාලය හා ගවේෂණය සිදුකළ යුතු කාලය දින සති හෝ මාස ලෙස තීරණය කළ යුතුය. පසවු ගවේෂණ භූමිය හා නිශ්චිත කාලයට සරිලන ගවේෂණ කණ්ඩායමක් තීරණය කළ යුතුය. එම කණ්ඩායමට ඡුායාරූප ශිල්පියෙක්, මිනින්දෝරුවෙක්, සිතියම් කියවීමට හා ඇඳීමට දක්ෂ අයෙක් හා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගෙන්්ද සමන්විත කණ්ඩාමක් සිටීම වැදගත්ය. පසුව ගවේෂණයට අදාළ උපකරණාදිය සපයාගැනීම සිදුකළ යුතුය. අනතුරුව පුරා වස්තු එකතු කිරීම, ඡුායාරූප ගැනීම ආදිය සඳහා නියමිත අවසරයන් ලබා ගැනීම සුදුසු වේ. කැනීමක් කිරීමේදී නොයෙකුත් අවස්ථාවලදී කරදර බාධක පැමිණිය හැකිය. එමනිසා මහජනයා හා ආරක්ෂක අංශද දැනුවත් කිරීම යෝග්‍ය වේ.
  ඉන්පසුව ගවේෂකයා විසින් ගවේෂණ දුෂ්කරතා හඳුනාගෙන ගවේෂණ කණ්ඩායම දැනුවත් කළ යුතුය. එමෙන්ම ගවේෂණයේ පරමාර්ථය, ගවේෂණ ක‍්‍රම, එකතු කළ යුතු පුරා වස්තු ආදිය පිළිබඳව පරිපූර්ණ දැනුමක් එම කණ්ඩායමට ලබාදීම වැදගත් වේ.
  මීට අමතරව වැය ඇස්තමේන්තු සැකසීම, ප‍්‍රථමාධාර, යනාදිය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. පූර්ව ක්‍ෂේත‍්‍ර ගවේෂණ මුදල්, දිනපතා ගවේෂණ සමාලෝචන සැකසීම ආදී සියලූ කරුණු ගවේෂණය යටතේ සිදුවෙයි. ගවේෂණයෙන් පසුව සැක සහිත ස්ථානවල පශ්චාත් ගවේෂණ කටයුතුද සිදුකළ හැකිය. ඉන්පසු ගවේෂණ වාර්තාවන් සැකසිය යුතුය. එහි කැණීමට අවශ්‍ය සෑම කරුණක්ම අඩංගු වෙයි. ගවේෂණයකින් තොරව එම වාර්තා සැකසිය නොහැකිය. එසේම එම වාර්තාව කැණීමකට අවශ්‍ය වන්නා සේම කැණීමේ වාර්තා ප‍්‍රසිද්ධ වන තුරු ද තිබිය යුතුය. පුරාවිද්‍යාත්මක ගවේෂණ වාර්තාවක අඩංගු විය යුතු කරුණු 37ක් ඇති බව දැක්වෙයි.
  ගවේෂණ ක‍්‍රම සඳහා ඡුායාරූප සහ පරිගණක විධික‍්‍රම වර්තමානයේ බහුල ලෙස භාවිතයට ගනී. එයින් ගවේෂණ කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගත හැකිය. එමෙන්ම ගවේෂණයේ සරල බව බිඳී ගොස් එය බෙහෙවින්ම සංකීර්ණ ක‍්‍රියාවලියක් බවට පරිවර්තනය වී තිබීමෙන් සියලූ දෙනාම ඒ ඒ කාර්යයන් වගකීමෙන් ඉටු කිරීමට උත්සුක වෙයි. තවද එක් ආකාරයක ගවේෂණයකට වඩා, එම ගවේෂණ ක‍්‍රම සියල්ලම හෝ කීපයක් සංකලනය කර ගැනීමෙන් වඩාත් සාර්ථකව ගවේෂණය සිදුකළ හැකිය.
  ගවේෂණය සඳහා කුමන ස්ථානය හෝ කුමන විධික‍්‍රමය භාවිත කළද, ඒ සඳහා විෂය ක්‍ෂේත‍්‍රය වන්නේ කුමක්ද යන්න අනුවද ගවේෂණය වර්ගකර දැක්වීම යෝග්‍ය වේ. ගවේෂණයේ අපේක්ෂිතාර්ථ හෝ තේමාව අනුව එහි විෂය ක්‍ෂේත‍්‍රය තීරණය වේ. මේ අනුව අවම වශයෙන් පහත දැක්වෙන ආකාරයට විෂය ක්‍ෂේත‍්‍රය සළකා ගවේෂණ වර්ග කළ හැකිය.
          විෂයානුබද්ධ ගවේෂණ
          කාලානුබද්ධ ගවේෂණ
          ප‍්‍රාදේශික ගවේෂණ
          ස්ථානීය ගවේෂණ
          ගැටලූ දිශානුගත ගවේෂණ 
  විෂයානුබද්ධ ගවේෂණයක් යනුවෙන් හැඳින්වෙන්නේ තෝරාගත් හම් විශේෂිත විෂයක් ඔස්සේ කරනු ලබන ගවේෂණයයි. පුරාණ වාස්තු විද්‍යාව, කලාව, අභිලේඛන, කාසි, වාරි තාක්ෂණය හෝ වෙනත් විෂයක් අළලා යමෙකු ගවේෂණය කරන්නේ නම් එය විෂයානුබද්ධ ගවේෂණයකි.
  යම් කාල සීමාවක් තෝරාගෙන එම කාලයට ප‍්‍රමුඛතාවය දෙමින් ගවේෂණය කිරීම කාලානුබද්ධ ගවේෂණ ක‍්‍රමයයි. ප‍්‍රාග් ඓතිහාසික (චරු යසිඑදරහ* මූල ඓතිහාසික (චරදඑද යසිඑදරහ* සහ ඓතිහාසික (යසිඑදරහ* වශයෙන් හෝ අනුරාධපුර, පොළොන්නරු, මධ්‍යතන, ප‍්‍රාග් නූතන යුගය ලෙස හෝ වෙනත් යම් කාල වකවානුවක් හෝ තෝරාගෙන කරනු ලබන ගවේෂණය කාලානුබද්ධ ගවේෂණයයි. මෙහිදී ගවේෂකයා එම කාලයට අයත් විවිධ විෂයන් පිළිබඳව හෝ විවිධ ප‍්‍රදේශ හෝ ස්ථාන ගවේෂණය කළ යුතු වේ. එහෙත් ප‍්‍රධාන කඩඉම වශයෙන් කාල වකවානුව සලකා බලයි.
  කිසියම් ප‍්‍රදේශයක් තෝරාගෙන එම ප‍්‍රදේශය පිළිබඳ කරනු ලබන ගවේෂණය ප‍්‍රාදේශික ගවේෂණයක් ලෙස හැඳින්විය හැකිය. එක් නිශ්චිත ප‍්‍රදේශයක් තෝරාගෙන එම ප‍්‍රදේශය තුළ පිහිටි වැදගත් යැයි සැලකෙන සියලූ පුරාස්ථාන වාර්තාගත කරගැනීමෙන් ප‍්‍රාදේශික ගවේෂණය සිදුකළ හැකිය.
  ප‍්‍රාදේශික ගවේෂණ වලට වඩා වෙනස් ගවේෂණ විශේෂයක් වන්නේ ස්ථානීය ගවේෂණයි. (ිසඑැ ිමරඩැහි* එහිදී එක් නිශ්චිත ස්ථානයක් තෝරාගනු ලබන අතර ගවේෂණය මුළුමනින්ම කේන්ද්‍රගත වන්නේ එම ස්ථානය වටාය. එහිදී එකී ස්ථානය වඩාත් ගැඹුරින් අධ්‍යනය කළ හැකිය.
  යම් ඓතිහාසික ගැටළුවක් තෝරාගෙන එම ගැටළුව නිරාකරණය කර ගැනීමේ අරමුණින් කරනු ලබන ගවේෂණ ගැටළු දිශානුගත ගවේෂණ (චරදඉකැප දරසැබඑැා* ලෙස  හැඳින්විය හැකිය. ශ‍්‍රී ලංකාව ජනාවාස වීම, නාගරීකරණය වීම, වාරි ශිෂ්ටාචාරයේ බිඳ වැටීම වැනි ගැටලූ රැුසක් තවමත් නොවිසඳී ඇත.
  එවැනි ගැටළුවක් නිරාකරණය කර ගැනීමේ අරමුණින් ගවෙෂණයක් කරන්නේ නම් එහිදී විවිධ විෂයන්විවිධ කාල සහ විවිධ ප‍්‍රදේශ ගවේෂණය කිරීමට සිදුවෙයි. එහිදී ගවේෂණය කේන්ද්‍රගත වන්නේ ගැටළුවවටා පමණි. ගැටළු දිශානුගත ගවේෂණයෙන් ගැටළු නිරාකරණය කරගත හැකිය.
  පුරාවිද්‍යා ගවේෂණය, එහි විෂය ක්‍ෂේත‍්‍රය මෙන්ම අරමුණුද විවිධ විය හැකිය. සමහර විට එක් ගවේෂණයකින් අරමුණු කිහිපයක් ඉටු කර ගැනිමටද අපේක්්්ෂා කළ හැකිය. ගවේෂණයක පසුබිමින් තිබෙන එවැනි අරමුණු පහත දැක්වෙන ලෙස වර්ග කළ හැකිය.
          ශාස්ත‍්‍රාභිලාශය
          වෘත්තීය අවශ්‍යතාවය
          සංවර්ධන පූර්ව අවශ්‍යතා
          පුහුණු හා අධ්‍යන අවශ්‍යතා
  විවිධ විෂය ක්‍ෂේත‍්‍රයන් අළලා හුදෙක් ශාස්ත‍්‍රාභිලාශයෙන් ඇතැම් ගවේෂණ සිදුකරනු ලැබේ. එහෙත් සෑම විටම හුදෙක් ශාස්ත‍්‍රාභිලාශය නිසාම ගවේෂණය කරනු නොලැබේ. වෘත්තීය අවශ්‍යතා මත සිදුකරන ගවේෂණ ගතහොත්  ඒවායේ අරමුණු ඇතැම් විට අර්ධ ශාස්ත‍්‍රීය හේතූන් මත පදනම් වී ඇත. ගවේෂණය, සිය වෘත්තීය හෝ එහි කොටසක් වන පුද්ගලයකුට සිය වෘත්තියේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා ගවේෂණය කළ යුතුම වේ.
  ඇතැම්විට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට ප‍්‍රථම එම ස්ථනවල පුරාවස්තූන් ඇති නැති බව පරීක්ෂා කිරිම සඳහා ගවේෂණ කළ යුතු වේ. එවැනි ගවේෂණ මගින් පුරාවස්තූන් ඇතිනම් ඒවා ආරක්ෂා කිරීමට හෝ හානිය අවම කිරීමට හෝ වාර්තාගත කොට ඉවත් කිරීමට ගවේෂණ කළ යුතුව ඇත. කුමන හෝ හේතුවක් මත යම් ප‍්‍රදේශයක පුරාවස්තූන් අවදානමින් මුදවා ගැනීම සඳහා හෝ විනාශය වැලැක්විය නොහැකි නම් ඉන් ලබාගත හැකි උපරිම දත්ත ලබා ගැනීම සඳහා ගවේෂණ කළ හැකිය.
  පුහුණුව අත්හදා බැලීම සහ අධ්‍යන අවශ්‍යතා සඳහද ගවේෂණ කළ යුතුය. ඇතැම් උපකරණ වල සහ විධික‍්‍රමවල උචිතානුචිත බව පරික්ෂා කිරීම සඳහද, ගවේෂකයින් පුහුණු කිරීම සඳහද කෙරෙන ගවේෂණ දක්නට ලැබේ. පුරාවිද්‍යාත්මක නොවන ගවේෂණ වලින්ද ඇතැම්විට පුරාවිද්‍යා ගවේෂණයකින් ලැබෙන ප‍්‍රතිඵල ලබාගත හැකිය.
පුරා විද්‍යා ගවේෂණ ක‍්‍රම සහ ඒවායේ උපයෝගීතාවය
  ගවේෂණයකදී ප‍්‍රධාන වශයෙන්ම සිදුකරනු ලබන්නේ පොළව මතුපිට හෝ අභ්‍යන්තරයේ ඇති පුරාකෘති පිළිබඳව අධ්‍යනය කිරිමයි. මෙලෙස පුරාවිද්‍යාඥයන්ට පුරාකෘති ක‍්‍රම තුනකින් හමුවිය හැකිය.
          අහම්බෙන් ලැබෙන පුරාකෘති
          හදිසි ආපදාවලින් ලැබෙන පුරාකෘති
          ඕනෑකමින් හා උත්සහයෙන් ලැබෙන පුරාකෘති 
  මෙහි දැක්වෙන තුන්වන පියවර ඉතා වැදගත් වේ. උක්ත පුරාකෘති ලබා ගැනීමට ගවේෂකයා විසින් ඒ ඒ ක්‍ෂේත‍්‍රයට අනුව විවිධ ක‍්‍රමෝපායන් අනුගමනය කරයි. එසේ ගවේෂණයට ලක්වන ක්‍ෂේත‍්‍ර හා ගවේෂණ ක‍්‍රම කීපයක් පහතින් දැක්වෙයි.
          පොළව මතුපිට සිදුකරන ගවේෂණ
          පොළව අභ්‍යන්තරයේ සිදුකරන ගවේෂණ
          ගුවන ආශි‍්‍රතව සිදුකරන ගවේෂණ
          ජලාශ‍්‍රිතව සිදුකරන ගවේෂණ


පොළව මතුපිට සිදුකරන ගවේෂණ
  පොළව මතුපිට සිදුකරන ගවේෂණ ක‍්‍රම කීපයකින් සිදුකළ හැකිය.
          කොටුදැල් ක‍්‍රමය
          තීරු ක‍්‍රමය
          කේන්ද්‍රපසාරී ක‍්‍රමය
          `ගර ක‍්‍රමය
  ගවේෂකයා විසින් සකස් කරනු ලබන සිතියමකට අනුව ඉහත ගවේෂණ සිදුකරනු ලබයි. ගවේෂකයා සකස්කළ කොටුදැල් ක‍්‍රමයට අනුව අඳිනු ලැබූ සිතියමකට අනුව ක්‍ෂේත‍්‍රයේ ගවේෂණය කරනු ලබන ආකාරය විමසා බැලූවහොත් ක‍්‍රම දෙකකින් එය සිදුකළ හැකිය.
          ක‍්‍රමික ගවේෂණය (ිහිඑැපසජ ැංචකදර්එසදබ*
          අහඹු ගවේෂණය (ර්බාදප ැංචකදර්එසදබ*
  ක‍්‍රමික ගවේෂණයේදී සියලූම ප‍්‍රදේශ කිසියම් ක‍්‍රමයකට අනුව ගවේෂණය කිරීම සිදු කරයි. මෙහිදී කිසිදු ප‍්‍රදේශයක් අත් නොහරින බැවින් විශාල මුදලක් හා කාලයක් වැය වෙයි. අහඹු ගවේෂණය තුළ කෘතීම දැලේ ඇති වර්ග සැතපුම් ප‍්‍රදේශයෙන් හෝ ඊට අඩු ප‍්‍රදේශයෙන් අංකනය කර අහඹුව අධ්‍යනය කරනු ලැබේ.
  ද`ගර ක‍්‍රමයේදී සමස්ථ ක්‍ෂේත‍්‍රයම ආවරණය වන පරිදි කළ හැකිය. මෙහිදී අදාළ පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ විශාලත්වය අනුව පුද්ගලයින් තීරණය කරයි. තීරු ක‍්‍රමය තුළ ක්‍ෂේත‍්‍රය තීරු ලෙස බෙදා එක් එක් තීරු වෙන වෙනම අධ්‍යනය කරනු ලබයි.
  කේන්ද්‍රපසාරී ක‍්‍රමය තුළ දත්ත ලක්ෂයක සිට විවිධ දිශා වලට ක්‍ෂේත‍්‍රය ආවරණය වන පරිදි ගවේෂණය කර දත්ත රැුස් කරනු ලබයි.

  මතුපිට ඇවිදිමින් දත්ත රැුස් කිරීමේදී ගස්වැල් වැඩෙන ආකාරයන්ද, වෘක්ෂ ලතාදියෙහි වර්ණයන්ද, ගස්වැල්වල සශ‍්‍රීකත්වයන් ආදියෙන් පුරා කෘති ඇති නැති ආකාරය පිළිබඳ දළ අවබෝධයක් ලබාගත හැකිය. යම්කිසි බිම්කඩක පැරණි ගොඩනැගිලි හෝ මාර්ග ආදිය වැළලී ඇත්නම් එවැනි ස්ථානවල වෘක්ෂලතාදිය සාරවත්ව නොවැඩෙයි. මෙසේ ක්‍ෂේත‍්‍රයේ ඇවිදිමින් තෝරාගත් සිමිත බිම් ප‍්‍රදේශයක පුරාවිද්‍යාත්මක සාධක රැුස් කර ගැනීම බෙහෙවින් විශ්වාසදායක ක‍්‍රමය වෙයි. මෙසේ ඇවිදීමේදී පොළව මතුපිට ඇති වළං කැබලිති, අස්ථි කැබලි, කාසි වැනි පුරාකෘතීන්ද හමුවිය හැකිය. මෙම පුරාකෘති කැණීම ආරම්භයේදී කැණිමට අවහිර වන්නේ නම් පමණක් හාත්පස පාරිසරික තත්වයන් දක්වමින් ක‍්‍රමවත්ව ඉවත්කළ යුතුය.
මතුපිට ගවේෂණය තුළින් හමු වූ ඇට කැබලි කිහිපයක් මතුකර ගන්නා                                                                                                                                                                                                                                                                                                 ගවේෂකවරු දෙදෙනෙක්.
  මෙසේ ක්‍ෂේත‍්‍ර ගවේෂණ කාර්ය තුළ මතුපිට ගවේෂණය වඩාත් ඵලදායී    කාර්යක් ඉටු කරන බව මින් ගම්‍ය වේ.
පොළව අභ්‍යන්තරයේ සිදු කරන ගවේෂණ
  පොළව අභ්‍යන්තර ගවේෂණය ක‍්‍රම කීපයක් ඔස්සේ සිදුවේ. තාක්ෂණික දියුණුවත් සමග එහි වර්ධනීය තත්වයන් නූතනයේ දක්නට ලැබේ. එහි සරල ක‍්‍රම දෙකකි.
          සෙවනැලි සළකුණු ක‍්‍රමය
          වැවිලි සළකුණු ක‍්‍රමය
  සෙවනැලි ක‍්‍රමය තුළ ඉර බැසයන අවස්ථාවක කඳු ගැටයකට හෝ උස් ස්ථානයකට නැග පහතින් ඇති භූමිය නිරීක්ෂණය කිරීමේදී පොළව අභ්‍යන්තරයේ විවිධ සළකුණු ඇති ස්ථාන සෙවනැළි ලෙස හෝ අඳුරු ස්ථාන ලෙස දර්ශනය වෙයි.  ගස්වැල් වර්ධනය වන ආකාරය අනුවද වැළලී ඇති පුරා කෘති පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. එය වැවිලි සළකුණු ක‍්‍රමයයි.
  වර්තමානය වන විට පුරාකෘති වැළලී ඇති ස්ථාන නිසැක වශයෙන්ම හඳුනා ගැනීමට විද්‍යානුකූල ක‍්‍රම කීපයක් හඳුන්වා දී ඇත.
  විදුලි මීටරයක ආධාරයෙන් සිදුකරන විද්‍යුත් ප‍්‍රතිරෝධ ගවේෂණය ඉන් එකකි. විදුලිය පොළව තුළට යැවීමෙන් එය සිදුකරන අතර එම විදුලිය විවිධ පස් වර්ගවල ස්වරූපය අනුව උරාගනී. එම විදුලිය පොළව අභ්‍යන්තරයේ ගමන් කරනුයේ ජලය හා ලවණ ආධාරයෙනි. මතුපිට පස දැඩිලෙස වියලී ඇති බිම් කඩකට යකඩ මුගුරක ආධාරයෙන් විදුලිය පොළවට සම්බන්ධ කරයි. වැළලී ඇති තාප්ප බිත්ති වැනි දෑ සොයාගැනීමට මෙම උපකරණය උපකාරී වේ. එලෙස භාවිතයේ පවතින උපකරණ අතර මෙගාර්  අර්ත් ටෙස්ටර් (ඵැටටැර ෑ්රඑය ඔැිඑැර* හා ගොසෙන් ගියොම් (ඨැිැබ ඨැදයප* වැනි උපකරණ දැක්විය හැකිය.
  අවගාරය (්මටැර* නම් උපකරණය මාර්ගයෙන් පොළව යට ඇති පස් ඉවතට ගැනීමෙන් කරනු ලබන පාංශු විශ්ලේෂණ මගින්ද පුරාවස්තු පිළිබඳ දත්ත සොයා බැලීමට ගවේෂකයන් උත්සුක වේ. එනමුත් මෙමගින් සමහර පුරාකෘති විනාශ වී යා හැකිය.
  රේඩියෝ තරංග (ඍ්ාසද අ්ඩැි* සහ විදුලි තරංග යොදා ගැනීමෙන්ද පොළව අභ්‍යන්තරයේ ඇති පුරා අවශේෂයන් සොයාගත හැකිය. මෙය පස් හ`ඩනැංවීමේ රේඩාවක් මගින් සිදුකරනු ලබයි. අභ්‍යන්තරයේ වූ පස් තට්ටුවලින් නිකුත්වන දෝංකාරය අනුව වළවල්, සොහොන්බිම් හෝ තාප්ප වැනි දේ හඳුනාගත හැකිය. මෙම ක‍්‍රමය වඩාත් යෝග්‍ය වන්නේ ජලය නොරැුඳෙන වැලි සහිත බිම්වල ගවේෂණයන්ටය.
  විද්‍යුත් චුම්බක ගවේෂණය (ෑකැජඑරද ප්ටබැඑසජ ිමරඩැහ* උපයෝගී කොට ගනිමින් පැරණි අවශේෂයන් සොයා ගැනීමේ උපකරණද බිහිවී ඇත. විශේෂයෙන්ම පුළුස්සන ලද මැටි සහිත වළං පෝරණු හෝ ගිනිතැබූ ස්ථාන ආදියද ලෝහමය උපකරණ ආදියද පහසුවෙන් සොයා ගැනීමට මෙම උපකරණ වලට හැකියාව ඇත. එසේම එවැනි ස්ථානවල සිදුවී ඇති භූ වෙනස්කම්ද සොයාගත හැකිය.
  මීට අමතරව භූ රසායන විශ්ලේෂණ ක‍්‍රමය (ඨැද ජයැපසජ්ක ්බ්කහිසි* මගින්ද පැරණි ජනාවාස ආදිය පිළිබඳ තොරතුරු හෙළිකරගත හැකිය. පැරණි ජනාවාසවල තිබූ පාංශුවල කොළරොඩු ආදිය දිරායාම මගින් එකතු වු පොස්පෝට් ප‍්‍රමාණය සමීක්ෂණය කිරීමෙන් විවිධ කරුණු මතුකරගත හැකිය.
  ”එංගලන්තයේ කරන ලද පර්යේෂණයකදි එක් ගොඩනැගිල්ලක පොස්පරස් වැඩි ප‍්‍රමාණයක් තිබු නිසා ඇතිකරන ලද සතුන්ගේ මූත‍්‍රා ගලා යෑමට සකස් කළ කානු ක‍්‍රමයක් තිබූ බව සොයාගෙන තිබේ.” 
  මේ අනුව පොළව මතුපිට කරන ගවේෂණයන් සේම පොළව අභ්‍යන්තරය පිළිබඳව කරන ගවේෂණයන් මගින්ද පුරාකෘති පිළිබඳව සුවිශේෂී සොයාගැනීම් රැුසක් මතුකරගත හැකි බව මින් ගම්‍ය වේ.
ගුවන ආශ‍්‍රිතව සිදුකරන ගවේෂණ
  යම්කිසි පුරාවිදු බිමක් ගවේෂණය කිරීමේදි ඉතා හොඳින් සම්පූර්ණ ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේෂණය කළ හැකි ක‍්‍රමයකි ගුවනින් නිරීක්ෂණය කිරීම. මෙම ක‍්‍රමයෙන් ප‍්‍රථම වරට 1913 දී ්‍යැබරහ ඇකකජදපැ විසින් හතරැුස් සරුංගලයක් ගුවන්ගත කොට, සුඩානයේ කැණීමක් සඳහා තිරස් මුහුණත ගුවන් ඡුායාරූපයක් ගන්නා ලදි. දෙවන ලෝක යුද්ධයත් සමග ගුවන්යානා කර්මාන්තයේ සිදුවූ දියුණුවත් සමග පුරාවිදු ගවේෂණ තුළ ගුවන් ඡුායාරූප ගැනීම වේගවත් අයුරින් වර්ධනය විය.
  මෙම ගුවන් ඡුායාරූප ක‍්‍රම දෙකකට ගත හැකිය.
1 ඇල ඡුායාරූප (ධඉකසුමැ*        2 සිරස් ඡුායාරූප (ඪැරඑසජ්ක*
සිරස් ඡුායාරූපකරණයට ලක් වූ ක්‍ෂේත‍්‍ර භූමිකඩ දෙකක්.
ඇල ගුවන් ඡුායාරූපකරණයට ලක් වූ පුරාවිදු බිම්කඩ දෙකක්.
  උක්ත ඡුායාරූප ක‍්‍රම දෙකෙහිම වාසි මෙන්ම අවාසිද වෙයි. සිරස් ඡුායාරූප මගින් අභිමත සුවිසල් ප‍්‍රදේශයක් ඡුායාරූපයට ඇතුළත් කරගත හැකිය. එමෙන්ම සිතියම් ඇඳීම සඳහාද උපයෝගී කොට ගනී. ලම්භකව ගන්නා මෙම ඡුායාරූප මගින් නිශ්චිත සැළසුම්කරණය හා බිම් ආකෘතිය නිශ්චිත වශයෙන් දත හැකිය.
  ඇල ඡුායාරූපකරණයේද වාසි රැුසකි. මීටර් 60ත් 150ත් වැනි උසක සිට හරස් අතට ගනු ලබන මෙම ඡුායාරූප මගින් තනි බිම් කඩක සවිස්තර තොරතුරු ලැබෙයි. එමෙන්ම භූමියේ ත‍්‍රිමාන ලක්ෂණ, අඳුර හා ආලෝකය ලෙස මැනවින් දර්ශනය වෙයි.
  එසේම ගුවන් ඡුායාරූප මගින්, වෘක්ෂ ලතාදියෙන් තොර මුඩු බිම්වල, පසෙහි ඇති සළකුණු මගින් වැළලී ඇති පුරා කෘති හඳුනාගත හැකිය. මේ ඔස්සේ වළවල්, අගල්, බැමි, ගොඩනැගිලි වැනි පුරා කෘති පිළිබඳ හෝඩුවාවල් මතුකරගත හැකිය.
  ගුවන්යානා වලට අමතරව චන්ද්‍රිකා තාක්ෂණයද මේ සඳහා උපයෝගී කොට ගෙන තිබේ.
අධ්‍යයන ප‍්‍රදේශය වඩා විශාල නම් ක්බාි්එ හා ිචදඑ වැනි චන්ද්‍රිකා රූප වඩා ප‍්‍රයෝජනවත් වෙයි
  සුවිසාල ප‍්‍රදේශයක පාරිසරික තත්වයන් මෙන්ම සවිස්තරාත්මක සැළසුම් සිතියම් සකස් කිරීමටද මෙම ඡුායාරූප යොදාගත හැකිය.
  මීට අමතරව අධොරක්ත හෙවත් ඉන්ෆ‍්‍රාරේඞ් (ෂබරේරුා* ඡුායාරූප ක‍්‍රමයද පුරාවිද්‍යාත්මක සාධක මතුකර ගැනීමට බෙහෙවින් උපකාරී වේ. මෙමගින් හරිත වර්ණයේ වෙනස්කම් මත පොළව අභ්‍යන්තරයේ වන පුරාකෘති පිළිබඳ තොරතුරු ලැබෙයි.
  මෙසේ ගුවන ආශ‍්‍රයෙන් කෙරෙන ඡුායාරූප ඇතුළු ගවේෂණ ක‍්‍රම ආශ‍්‍රයෙන් පුරාවිදු බිම් පිළිබඳ වැදගත් වූ තොරතුරු රාශියක් මතුකරගත හැකි බව පැහැදිළියි.
ජලාශ‍්‍රිතව සිදුකරන ගවේෂණ
  පුරාවිද්‍යාත්මක ගවේෂණය ගොඩබිමට පමණක් සීමා වූවක් නොවේ. ජලය යට කෙරෙන පරීක්ෂණද මේ යටතේ ප‍්‍රමුඛ තැනක් හිමිකර ගනී. (ඹබාැරඅ්එැර ඍැජදබබසිි්බජැ* මේ යටතේ ගැඹුරු වූ මුහුදු පත්ලෙහි පවා පුරාවස්තු ගවේෂණයට තරම් තාක්ෂණය දියුණු වී තිබේ.
  ”දියයට පුරාවිද්‍යාව ඉතා වැදගත් වූයේ 1853-54 වර්ෂයේ ශිත සෘතුවේදීය. එහිදී අඩු ජල මට්ටමක් ඇති ස්විස්සර්ලන්තයේ විල්වල පතුලේ තැන්පත්ව තිබූ විශාල ප‍්‍රමාණයක් වූ වළං කටු, දැව කොටන් සහ වෙනත් මානව කෘති කෙරෙහි අවධානය යොමු විය
  මෙම දියයට කෙරෙන ගවේෂණයන් යටතේ මූලික ක්‍ෂේත‍්‍ර 3ක් හමුවෙයි.
          මුහුදු ආශ‍්‍රිත ගවේෂණ
          ගංගා ආශ‍්‍රිත ගවේෂණ
          විල් ආශ‍්‍රිත ගවේෂණ
          ජලය යට කෙරෙන ගවේෂණ ප‍්‍රධාන ක‍්‍රම දෙකක් යටතේ සිදු කරයි.
          දෘශ්‍ය නිරීක්ෂණය ඪසිම්ක ීැ්රජය ඔැජයබසුමැ
          විද්‍යුත් නිරීක්ෂණය ෑකැජඑරදබසජ  ිැ්රජය ඔැජයබසුමැ
  මෙම ක‍්‍රමයන් තුළින් දෘශ්‍ය නිරීක්ෂණ ක‍්‍රමය තුළ උපකරණ භාවිතය සීමිතව අදාළ ජලාශ‍්‍රිත ක්‍ෂේත‍්‍රයේ කිමිදුම් කරුවන් ලෙස එම ගවේෂණ සිදු කරයි.
ජලාශ‍්‍රිත පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයක කිමිදුම් කරුවන් ලෙස සිදුකරණ ගවේෂණ කිහිපයක්.
  මෙහිදී නිරීක්ෂණ, පරීක්ෂණ මෙන්ම ගවේෂණ, ක‍්‍රම කීපයක් ආකාරයෙන් සිදු කරයි.
          රේඛීය කිමිදුම් ක‍්‍රමය - ීඅසබ කසබැ
          දිශාගත කිමිදුම් ක‍්‍රමය - ඔදඇා ීැ්රජයැි
          සමාන්තර තීරු ක‍්‍රමය - න්‍්ජනිඒහ
          කොටුදැල් ක‍්‍රමය - ඨරසා
          වෘත්තාකාර රැුහැන් නිරීක්ෂණය - ක්‍සරජබක්ර
  කිමිදුම් කරුවන් උක්ත ක‍්‍රමයන්ගෙන් ගවේෂණ සිදු කරන අතර ඵ්ටසඑජ පැඑැරල ෑජයද ිදමබාැර වැනි උපකරණ භාවිතයෙන් විද්‍යුත් ගවේෂණ සිදු කරයි. මෙසේ සිදු කරන ජලාශ‍්‍රිත ගවේෂණ මගින් විශාල පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට හැකි වී තිබෙයි.
  මෙසේ පුරාවිද්‍යාව තුළ පුරාවිද්‍යා ගවේෂණයට ප‍්‍රමුඛ තැනක් හිමිවන්නා සේම පොළව මතුපිට, අභ්‍යන්තර ගවේෂණද ගුවන ආශ‍්‍රිත හා ජලාශ‍්‍රිත ගවේෂණ ක‍්‍රමෝපායන් මගින් වැළලී ගිය අතීතය යළි ගොඩනැංවීමට සෘජුවම දායක වන බව නිසැකවම ප‍්‍රකාශ කළ හැකිය.
සමාලෝචනය
  කැනීමකදී ප‍්‍රධානතම ගැටළුව වන්නේ සුදුසු භූමියක් සොයා ගැනීමයි. පුරා විද්‍යාඥයා විසින් කැනීමෙන් අපේක්ෂා කරන පරමාර්ථයට අදාළ භූමියක් සොයාගත යුතුයි. එමෙන්ම කැනීමේදී ඔහු විසින් සොයාගන්නා ලද දෙයින් උගත හැකි ප‍්‍රමාණයට වඩා යමක් ගවේෂණයෙන් මතු වූ කරුණු වලින් අනාවරණය කර ගැනීමට ඔහු සමත් විය යුතුය. එය සාර්ථක ගවේෂණයක ලක්ෂණයයි. මෙම පුරාවිද්‍යා ක්‍ෂේ්්ත‍්‍ර භූමි නිශ්චය කර ගැනීමට ගවේෂණයේ විවිධ ක්‍ෂේත‍්‍ර ගණනාවක් දායකත්වය දරයි.
  පොළව මතුපිට ඇවිදිමින්ද මතුපිට අවශ්‍ය උපකරණ මගින් අභ්‍යන්තර ගවේෂණද ජලාශ‍්‍රිත ගවේෂණද ගුවන් ඡුායාරූප ඇතුළු ඒ ආශ‍්‍රිත ගවේෂණ වලින් පුරාකෘති හඳුනාගැනීමේ ක‍්‍රියාවලියේ අති විශාල මෙහෙයක් ඉටු කරන බව ඉහතින් කළ අධ්‍යනයෙන් පැහැදිලිය. මේ අනුව එළඹිය හැකි අවසන් නිගමනය වන්නේ පුරාවිද්‍යා ගවේෂණයේ මූලික ක්‍ෂේත‍්‍ර මගින් පුරාවිද්‍යාවේ සංවර්ධනයට සුවිසාල කාර්යභාරයක් ඉටුකරන බවයි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය.
කොලින් රෙෆ්ෆෲ, පොල්බාන්, පුරාවිද්‍යාවේ සිද්ධාන්ත ක‍්‍රම සහ භාවිතය,                                                                                                                                       පරි: රාජ් සෝමදේව, 2000, අනුවාද ප‍්‍රකාශන.

නිශ්ශංක, 1 වෙළුම, 1 කලාපය, පුරාවිද්‍යා ගවේෂණ වලදී දුරස්ථ සන්නිවේදන ක‍්‍රම භාවිතය, සුනීතා ශ‍්‍රියානි සමරතුංග, සංස්, අනුර මහතුංග හා වෙනත් අය 2000, මධ්‍යම සංස්කෘතික අරමුදල.

බස්නායක.එච්.ටී. ගමගේ උදා, පුරාවිද්‍යා ප‍්‍රවේශය, එස්, ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන පාර, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය 1992, ඔක්තෝම්බර්
           
ලගමුව ඒ, ප‍්‍රායෝගික ක්‍ෂේත‍්‍ර පුරාවිද්‍යාව, ෂාර්ප් ග‍්‍රැෆික් හවුස් (පුද්ගලික* සමාගම, 155/5 හයිලෙවල් පාර, මහරගම.

සුරතිස්ස .ඞී.ඇම්, ජීවී පරිණාමය හා පුරාවිද්‍යාව, ෆාස්ට් පබ්ලිෂින් (ප‍්‍රයිවට්* ලිමිටඞ්, කොළඹ,
්ා්පි ඍගඍගඋ ිඅ්පචිල ජ්බ්කි ්බා කදජ්එසදබි දෙ ්බජසැබඑ ප්හි ජසඑසඑැිල ්බඑසබට්සඑහල 1980

ෘැර්බසහ්ට්ක් ිගම ඔයැ චරුයසිඑදරහ දෙ ිරස ක්බන්ල ක්‍දකදපඉද ාැච්රඑපැබඑ දෙ ්රජය්ැදකදටසජ්ක ිමරඩැහල 1992
















11 comments: